Home උණුසුම් පුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තිදෙනකුට වෙඩි තබා සිය දිවිනසාගනී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තිදෙනකුට වෙඩි තබා සිය දිවිනසාගනී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තිදෙනකුට වෙඩි තබා සිය දිවිනසාගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා නිට්ටඹුව ප්‍රදේශයේ විරෝධතාකරුවන් තිදෙනෙකුට වෙඩිතබා ඔහුද වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇතැයි පොලීසිය පොලිසිය පවසයි.

අතුකෝරාළ මන්ත්‍රීවරයාගේ රියදුරුද පහරදීමකින් මියගොස් තිබේ.

ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු මේ වන විට නිට්ටඹුව නගරයේ පිහිටි ඇඟලුම් ප්‍රදර්ශනාගාරයක් ඉදිරිපිට ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් නිලධාරියෙක් සඳහන් කළේය.

මොහුගේ වෙඩි තැබීමෙන් තුවාල වූ තිදෙනා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීම සිදුව ඇත්තේ උද්ඝෝෂකයන් පිරිසක් නිට්ටඹුව නගරයේ දී ගෝටාගෝගමට පහර දුන් පිරිස සොයමින් වාහන පරීක්ෂා කිරීමකදී ඇති වූ ආරවුලක් පදනම් කරගෙන බව පොලීසිය සඳහන් කරයි.

අතුකෝරාළ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

මේ අතර පුත්තලම ප්‍රදේශයේ සනත් නිශාන්ත මහතාගේ පක්ෂ කාර්යාලයකට සහ ව්‍යාපාරික ස්ථානයකට ද පුද්ගලයන් පිරිසක් විසින් පහර දී ඇතැයි වාර්තා වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here