තවත්
    මුල් පිටුවspecialක්‍රීඩා, විනෝදාස්වාද සහ අධ්‍යාපන උයනක් යාපනයේ දී විවෘත වෙයි

    ක්‍රීඩා, විනෝදාස්වාද සහ අධ්‍යාපන උයනක් යාපනයේ දී විවෘත වෙයි

    ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි හා යුද්ධ  හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ(08) සහ පෙරේදා (07) දිනයන්හී යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත විය.

    එම සංචාරයේ දී යුද්ධ හමුදාධිපතිවරයා ප්‍රජාසත්කාර වැඩසටහන් රැසකට සහභාගී වූ අතර, එහිදී 51 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන  වික‍්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද ‘Sports, Recreation and Education Support Park‘ උද්‍යානය විවෘත කිරීම සිදුකරන ලදී.

    ඉන් අනතුරුව, මෙම අවස්ථාවේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් සිසු දරුවන් රැසක් වෙත පාසල් පාවහන් ප්‍රදානය කිරීමේ සත්කාරය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී විය.

    විශේෂයෙන්ම, මෙම සංචාරය තුලදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් කන්කසන්තුරේ, සංගිලි උතුරු ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා ඉදිකරන ලද නව නිවස එම පවුලේ සාමාජිකයන් වෙත සංකේතාත්මකව ලබාදීම සිදුකරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img