Home උණුසුම් පුවත් දේශීය සහල්වලට උපරිම සිල්ලර මිලක් පැනවේ

දේශීය සහල්වලට උපරිම සිල්ලර මිලක් පැනවේ

දේශීය සහල්වලට උපරිම සිල්ලර මිලක් පැනවේ

අද සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය විසින් ගැසට්ටුවක් නිකුත් කර ඇත.

ඊට අනුව සුදු සහ රතු නාඩු කිලෝ එකක් සඳහා රුපියල් 220ක උපරිම සිල්ලර මිලක්ද, සුදු සහ රතු සම්බා කිලෝ එකක් සඳහා රුපියල් 230 උපරිම සිල්ලර මිලක්ද, නියම කර තිබේ.

ඊට අමතරව කීරි සම්බා සඳහා උපරිම සිල්ලර මිල නියමකර ඇත්තේ කිලෝවක් සඳහා රුපියල් 260 ක් ලෙසිණි.

මෙම උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here