Home උණුසුම් පුවත් රඹුක්කන සිද්ධියේ SSP ඇතුළු පොලීසියේ 4ක් අත්අඩංගුවට

රඹුක්කන සිද්ධියේ SSP ඇතුළු පොලීසියේ 4ක් අත්අඩංගුවට

0
රඹුක්කන සිද්ධියේ SSP ඇතුළු පොලීසියේ 4ක් අත්අඩංගුවට

නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව රැඳී සිටි කෑගල්ල හිටපු පොලිස් ප්‍රධානී ජේෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද සවස අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රඹුක්කන දී පසුගියදා පැවති විරෝධතාව අතරතුරදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය විසින් පොලිස්පතිවරයාට ලබාදුන් නියෝගයකට අනුවයි.

ඊට අමතරව මීට සුළු මොහොතකට පෙර තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබීය.

එම පොලිස් නිලධාරීන් තිදෙනා මහනුවර කුණ්ඩසාලේ පොලිස් රෝහලේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here