Home උණුසුම් පුවත් ව්‍යාපාරිකයා ඝාතනයට සූදානම් වූ ඩුබායි පාතාලයාගේ ගෝලයින් කොටු

ව්‍යාපාරිකයා ඝාතනයට සූදානම් වූ ඩුබායි පාතාලයාගේ ගෝලයින් කොටු

0
ව්‍යාපාරිකයා ඝාතනයට සූදානම් වූ ඩුබායි පාතාලයාගේ ගෝලයින් කොටු

ඩුබායි හී රැදී සිටින පාතාල අපරාධකරුවෙකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවලින් ඉවත දමන රෙදි පිළි මිලදී ගන්නා ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට සූදානමින් සිටි පාතාල කල්ලියක සාමාජිකයින් සිව් දෙනෙක් ගිනි අවි රැසක් සමඟ අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාශය අපරාධ විමර්ශන ඒකකය සමත්ව ඇත.

ටී 56 වර්ගයේ ගිනි අවි 01 ක්, පිස්තෝල 02ක්, අත්බෝම්බයක් සහ පතොරම් 19 ක් සැකකරුවන් සතුව සොයාගත් ආයුධ අතර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඊට අමතරව සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 800ක්ද සොයාගෙන ඇත.

ඔවුන් සිව් දෙනා අවුරුදු 32,37 හා 42 වයස්වල පසුවන කොටුගොඩ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කම්හල්වලින් ඉවත දමන රෙදිපිළි මිලදී ගන්නා ව්‍යාපාරිකයින්ගෙන් ඩුබායි හී රැදී සිටින පාතාල අපරාධකරු කප්පම් ගන්නා බවත් ඔහුට කප්පම් නොදී එම ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ඉඩක් නොමැති බවත් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. මෙම ව්‍යාපාරිකයා එම පාතාල අපරාධකරුට කප්පම් නොදීම හේතුවෙන් ඩුබායි සිට සිය ගෝල බාලයින් යොදවා ව්‍යාපාරිකයාව ඝාතනය කිරීමට සැළසුම්කර ඇති බව පොලීසිය කියයි.

එම ඝාතන සැළසුම ගැන කොට්ඨාශය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ රහසිගතව කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුන් ගිනි අවිත් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here