Home උණුසුම් පුවත් පාස්කු ඉරිදා අදයි

පාස්කු ඉරිදා අදයි

පාස්කු ඉරිදා අදයි
Empty tomb of Jesus at sunrise with crosses in background

පාස්කු දිනය අදට (17) යෙදී තිබේ.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ සිය ජීවිතය පූජා කර දින 3 කට පසු උට්ටානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස සමරනු ලබයි.

ඒ අනුව, ප්‍රධාන දේව මෙහෙය ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්විය.

2019 වසරේ අද වැනි පාස්කු ඉරුදින කිතුණු දේවස්ථාන 3 ක් ඇතුළු ස්ථාන 8 කට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී පාස්කු දේව මෙහෙයන්ට එක්ව සිටි කිතුණු බැතිමතුන් ඇතුළු පුද්ගලයින් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබූ ඛේදවාචකයට අදට තෙවසරක් සපිරේ.

එහි විමර්ශන තවමත් ක්‍රියාත්මක ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here