තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහ සිකුරාදා දිනය අදයි

    මහ සිකුරාදා දිනය අදයි

    ලොව පුරා කිතුනුවන් අනුස්මරණය කරනු ලබන මහ සිකුරාදා දිනය අදයි.

    මහ සිකුරාදා දිනය ලෙස මෙලෙස සැමරෙන්නේ පාස්කු ඉරිදා දිනයට පෙර එළඹෙන සිකුරාදා දිනය යි.

    ඒ අනුව මෙවර පාස්කු ඉරිදාව අනිද්දාට යෙදී තිබේ.

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණගසනු ලැබූ දුක්ප්‍රාප්තිය අද දිනයේදී සිහිගන්වනු ලබයි.

    පාස්කු සමයේ අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමයේ කූටප්‍රාප්තිය එළඹෙන 40 වන දිනයේ උපවාසයෙන් සහ කැපකිරීම්වලින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වාරි කන්ද මත සිදු කළ ජීවිත පූජාව මෙලෙස අනුස්මරණය කෙරේ.

    ඒ නිමිත්තෙන් වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේ අද සන්ධ්‍යාවේ ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වෙනු ඇති.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img