Home දේශීය පුවත් උණුසුම් පුවත් පළාත් පාලන ඡන්ද ක්‍රමය අලුත් කිරීමේදී 30%ක සභික කප්පාදුවක් ඉල්ලයි

පළාත් පාලන ඡන්ද ක්‍රමය අලුත් කිරීමේදී 30%ක සභික කප්පාදුවක් ඉල්ලයි

පළාත් පාලන ඡන්ද ක්‍රමය අලුත් කිරීමේදී  30%ක සභික කප්පාදුවක් ඉල්ලයි

අංජනා මල්ලවආරච්චි

පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතින් සකස් කිරීමේදී සමානුපාතික පදනම එලෙසම ආරක්ෂා විය යුතු අතර පළාත් පාලන සභික ප්‍රමාණය 30%කින් පමණ අඩු විය යුතු යැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය කියයි.

දැනට බලපැවැත්වෙන පනත මගින් කාන්තාවන් සඳහා ලබාදී තිබෙන 25% කෝටාව එලෙසම ආරක්ෂා විය යුතු අතර කොට්ඨාස පදනම ද එලෙසම තැබිය යුතුයැයි ද පැෆරල් සංවිධානය කියයි.

කෙසේවෙතත් කොට්ඨාස ප්‍රමාණය 20% කින් අඩු කිරීමටත් ලයිස්තුවට හිමිවෙන ප්‍රතිශතය 40% සිට 30% දක්වා අඩු කළ යුතු යැයිද එම සංවිධානය කියයි.

ඒ අනුව මෙතෙක් පවතින 60% – 40% අනුපාතය 70% -30% ලෙස වෙනස් විය යුතු යැයි ද පැෆ්රල් සංවිධානය කියයි.

මීට අමතරව පදිංචිය සනාථ කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු අතර රාජ්‍ය නිලධාරීන් තව ද කරන ප්‍රදේශයෙන් බැහැරව රාජකාරි කරන බවටත් සහතිකයක් ලබා දිය යුතුය.

පැෆරල් සංවිධානය එම යෝජනා සහ තවත් යෝජනා කිහිපයක් පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන කමිටුවට ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here