Home special අපිට ඩොලර් නෑ.. යුරෝපයට රූබල් නෑ…

අපිට ඩොලර් නෑ.. යුරෝපයට රූබල් නෑ…

0
අපිට ඩොලර් නෑ.. යුරෝපයට රූබල් නෑ…

මිත්‍රශීලී නොවන රාජ්‍යයන් හට මිලදීගන්නා ඉන්ධනවලට රුසියානු රූබල්වලින් ගෙවීම් කරන ලෙස ප්‍රකාශ කිරීමත් සමඟ යුරෝපා රාජ්‍යන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඒ අනුව යුරෝපා සංගමයේ රාජ්‍යන් සහ බලශක්ති සමාගම් විසින් රුසියාවට මුදල් ගෙවීම සම්බන්ධයෙන් පොදු ක්‍රමවේදයක් පිළිබඳ අද දින සාකච්ඡා කර ඇත.

මේ සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනය පවසා සිටියේ රූබල් මගින් සිදු කිරීමට අදාල ගෙවීම් අප්‍රේල් මාසයේ මැද භාගයේ සිට හෝ මැයි මාසයේ මුලදී සිදු කළ හැකි බවයි.

ඒ අනුව අප්‍රේල් පළමුවැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි යුරෝපයට ඉන්ධන සැපයීම නවතා දැමීමක් සිදු නොවනු ඇති බවද ක්‍රෙම්ලිනය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් යුරෝපා කළාපයේ ඉන්ධන අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් රුසියාව විසින් සපුරයි. එහිදී යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනිය සිය ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 40ක් රුසියාවෙන් සපුරා ගනු ලබයි.

මෙම තත්ත්වය හමුවේ යුරෝපා රටවල් දැඩි අවිනිශ්චිතතාවයකට පත්ව ඇති අතර එමගින් එම රටවල ආර්ථික තත්ත්වයට විශාල බලපෑමක්ද ඇති කිරීමට සමත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here