තවත්
    මුල් පිටුවspecialකොළඹ පිරවූ සජබ ජන ගඟ

    කොළඹ පිරවූ සජබ ජන ගඟ

    සමගි ජන බලවේගය විසින් අද (15) සංවිධානය කරනු ලැබූ දැවැන්ත විරෝධතාවයට දිවයිනේ නන්දෙසින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණ සිටියහ.

    “රට විනාසයි – පෙරට එන්න” මැයෙන් සංවිධාන කර තිබූ මෙම රැළිය හේතුවෙන් කොළඹ නගරය හා අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ද පැවතිණ.

    අද දින ගමනාගමන කටයුතු සඳහා බරපතළ ලෙස උද්ගතව තිබූ ඉන්ධන ප්‍රශ්නය තුළ පවා සියල්ල විඳ දරා ගනිමින් ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධතාවයට ලක්ෂ ගණන් පැමිණ සිටි බව සමගි ජනබලවේගය පවසයි.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විරෝධතාවයට සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායකයින් මෙන්ම ඊට අනුබද්ධ සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.

    මේ අද පැවති සමගි ජන බලවේග රැළියේ ඡායාරූප කිහිපයකි.

     

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img