රටවල් කිහිපයක් විසින් සිය සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදන ඉදිරිපත් කර තිබේ.
ඒ මෙරට තුළ ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල හිඟය, රටේ පිරිහෙන ආර්ථික තත්ත්වය පිළිබඳ කරුණු දක්වමිනි.
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතින බවත්, ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුළු මූලික අවශ්‍යතා හිඟයන් ඇති බවත් කැනඩාව සිය පුරවැසියන්ට අනතුරු අඟවා ඇත.
“සිල්ලර කඩවල, ඉන්ධන පිරවුම්හල්වල සහ ෆාමසිවල දිගු පෝලිම් තිබෙන්න පුළුවන්. පළාත් පාලන ආයතන විසින් විදුලිය සීමා කිරීම පැනවිය හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විදුලිය ඇනහිටීම් සිදුවේ. ආර්ථික අස්ථාවරත්වය සෞඛ්‍ය ඇතුළු රාජ්‍ය සේවා සැපයීමට ද බලපෑ හැකිය.” යැයි ඔවුන් සංචාරකයන්ට ශ්‍රී ලංකාව පිළිබඳ අනතුරු අඟවා ඇත.
ශ්‍රී ලංකාවට පැමිණෙන පුරවැසියන් දිගුකාලීන හිඟතා මතුවිය හැකි බැවින් ආහාර, ජලය සහ ඉන්ධන සැපයුම් සූදානම්ව තබා ගැනීමට, ඒවා නොමැති විය හැකි බැවින් ප්‍රමාණවත් තරම් ඖෂධ අත ළඟ තබා ගැනීමට වග බලා ගන්නා ලෙස උපදෙස් දී ඇත. තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු සඳහා දේශීය මාධ්‍ය නිරීක්ෂණය කරන ලෙසත් උපදෙස් දී ඇත.
එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය පැවසුවේ ආනයනය සඳහා ගෙවීමට මුදල් හිඟ බැවින් මෙරට තුළ හේතුවෙන් ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුළු මූලික අවශ්‍යතා හිඟතා සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතින බවයි.
‘සිල්ලර වෙළඳසැල්වල දිගු පෝලිම් තිබිය හැකිය. ඉන්ධන පිරවුම්හල් සහ ෆාමසිවලත් එසේ විය හැක. පළාත් පාලන ආයතන විසින් විදුලිය සීමාකිරීම සිදුවිය හැකි ය. එහි ප්‍රතිඵලයක් ලෙස විදුලිය ඇනහිටීම් ඇති විය හැකිය.” එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය පවසයි.