තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කාන්තාවක ඝාතන කුමන්ත්‍රණයකට රාජ්‍ය ඇමතිගේ සම්බන්ධිකරණ නිලධාරිනිය අත්අඩංගුවට

    කාන්තාවක ඝාතන කුමන්ත්‍රණයකට රාජ්‍ය ඇමතිගේ සම්බන්ධිකරණ නිලධාරිනිය අත්අඩංගුවට

    මතුගම බාලිකා මාවතේ නිවසකට ඉකුත් 15 වෙනිදා කඩාවැදී කාන්තාවකට වෙඩිතබා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරන නිලධාරිනියක් ලෙස කටයුතුකරමින් සිටි 36 හැවරදි කාන්තාවක් කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම කාන්තාව මතුගම හොල්ලාගෙන සිටින ශාන් නැමැති පාතාලයේ ප්‍රබලයාගේ බිරිඳය. පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයිමින් සිටියදී මතුගම ඝාතනය කුමන්ත්‍රණය

    ශාන් මාස කිහිපයකට පෙර අතුරුදන්වන අතර බිරිද පොලීසියට ඒ ගැන පැමිණිල්ලක්ද කර ඇත. බුද්ධි අංශ සදහන් කරනුයේ ශාන් නැමැති අපරාධකරු මේ වන විට රටින් පලාගොස් සිටින බවත් බිරිද විසින් කර ඇත්තේ ව්‍යාජ පැමිණිල්ලක් බවය. ශාන් නැමැති අපරාධකරු පසුගිය කාලයේ මෙරට පැවති රජයන් කිහිපයකම ප්‍රබල ඇමතිවරයෙකුගේ රැකවරණය මත සිටියකි. එම ඇමතිවරයා මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අතර විදෙස්ගත සිටී. ශාන් රටින් පළාගොස් සිටින්නේ එම දේශපාලනඥයාගේ සමීපයේ බවට සැකයක්ද පවතී.

    කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ ශාන්ගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ කිරුලපන නිවසක සැඟවී සිටියදීය.

    කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් හෙළිකරගෙන ඇති තොරතුරුවලට අනුව මතුගම ඝාතනය ශාන් විසින් කර ඇති අතර අත්අඩංගුවටගත් ශාන්ගේ බිරිදකර ඇත්තේ එම ඝාතන සැළසුම ක්‍රියාත්මක කිරීමට කුමන්ත්‍රණය කිරීමය.

    කාන්තාවට වෙඩි තැබීමට වෙඩික්කරුවන් දෙදෙනක් යොදා ඇති අතර ඔවුන් පැමිණී යතුරුපැදියද පොලීසිය විසින් සොයාගෙන ඇත. එම දෙදෙනාගෙන් කාන්තාවට වෙඩි තබා ඇත්තේ එක් වෙඩික්කරුවෙක් පමණි. එම වෙඩි තැබීමෙන් පසු ශාන් විසින් ඔහුව ඩුබායි වෙත පන්නා ඇති බව හෙළිවී ඇත. ඔහු රටින් පිටව ගොස් ඇත්තේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලිනි.

    එම සැකකරු හිටපු පොලිස් නිලධාරියෙකුගේ පුතෙක් බවට තොරතුරුද හෙළිවී ඇත. එම පොලිස් නිලධාරියා කලකට ඉහතදී ඝාතනය වී ඇති බව පොලීසිය කියයි. ඉකුත් 15 වෙනිදා ඝාතනය වූ කාන්තාවගේ සැමියා පොලිස් නිලධාරියාගේ ඝාතනයට සම්බන්ධබව පොලිස් නිලධාරියාගේ පුතාට ශාන් විසින් පවසා සිය පියාගේ ඝාතනයට පළිගැනීමට ඔහුව පොළඹවා ඇති බව පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img