තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පත්තරේ රූපවාහිනියට ගෙනා බන්දුල පද්මකුමාර දිවියෙන් සමුගනී

    පත්තරේ රූපවාහිනියට ගෙනා බන්දුල පද්මකුමාර දිවියෙන් සමුගනී

    ප්‍රවීන මාධ්‍යවේදී බන්දුල පත්මකුමාර මහතා අභාවප්‍රාප්ත විය.

    ජාතික පුවත්පත් කලාව විප්ලවීය වෙනසකට ලක්කල “ලක්බිම ඉරිදා සංග්‍රහයේ“ ආරම්භක කර්තෘවරයා වන්නේ බන්දුල පද්මකුමාර මහතාය.

    හැත්තෑව දසකයේ මුල ඇරබි “ගීතා“ නමු වූ සිනමා සඟරාවෙන් මාධ්‍ය ලෝකයට පිවිසි බන්දුල පත්මකුමාර මහතා 80 දසකයේ සිත්තර නිවසට සම්බන්ධ වන්නේ එකල යොවුන් හදවත් දිනාගත් ජනප්‍රිය පුවත්පතක් වූ “කුමරි“ පුවත්පතේ ආරම්භක කර්තෘවරයා ලෙසිනි. ඒ අතර පද්මකුමාර මහතා “සරසි“ සිනමා පුවත්පතත් “සත්සර“රැජින“ සහ “ෆොටෝ ගැෆි“යන තමාගේම පුවත්පත් කිහිපයක්ම ප්‍රකාශයට පත්කළේය.

    පුවත්පත් කලාවේ නව නිපැයුම්කරුවෙක් ලෙස සුමති පුවත්පත් සමාගමට එක්වෙමින් “ලක්බිම ඉරිදා සංග්‍රහයේ“ කර්තෘවරයා ලෙස සති අන්ත සිංහල පුවත්පත් කලාව ඔහු උඩුයටිකුරුකරනු ලැබීය.

    සත්සමුදුරෙන් එහා ලෝකය මෙරට ජනතාව දැනුවත් කිරීමට “සමුදුර“ පුවත්පතද බන්දුල පත්මකුමාරයන්ගේ අදහසකි.

    සිය ගමන් මග වෙනස් කරමින් පුවත්පත් කලාවෙන් 90 දසකයේ අග ඈත්වන බන්දුල පත්මකුමාර මහතා රූපවාහිනියෙන් පත්තර කියැවීමේ කලාව ජනතාව අතරට රැගෙන යන්නේ ස්වර්ණවාහිනියේ මුල්පිටුවෙන් විප්ලවීය වෙනසක් කරමිනි.

    පසුකාලයේ ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙසත් එහි සභාපතිවරයා ලෙසත් කටයුතුකර ඇති බන්දුල පත්මකුමාර මහතා “සැබෑ“ නම් වූ ටැබ්ලොයිට් පුවත්පතක්ද එළිදක්වන්නට කටයුතු කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img