තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්කු නඩුවෙන් හේමසිරි සහ පූජිත් නිදහස්

    පාස්කු නඩුවෙන් හේමසිරි සහ පූජිත් නිදහස්

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු අධිචෝදනා 855 බැගින් ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එරෙහි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේ ය.

    නාමල් බලල්ලේ ,ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතිකව එම තීන්දුව නිකුත් කළේය. මුලින්ම හේමසිරි ප්‍රනාන්දු මහතාගේ තීන්දුවත් පසුව පූජිත් ජයසුන්දර මහතාගේ තීන්දුවත් ප්‍රකාශ කෙරුණි.

    නීතිපතිවරයා විසින් පවරා තිබූ මෙම නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරු නිදොස්කොට නිදහස් කෙරුනේ නඩුවේ විත්තියේ සාක්කි කැඳවීමකින් ද තොරවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img