Home උණුසුම් පුවත් ලොව විශාලතම මානුෂවාදී සංවිධානයේ මහලේකම් අගමැති හමුවෙයි  

ලොව විශාලතම මානුෂවාදී සංවිධානයේ මහලේකම් අගමැති හමුවෙයි  

ලොව විශාලතම මානුෂවාදී සංවිධානයේ  මහලේකම් අගමැති හමුවෙයි  

අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම් ජගාන් චැපගන් මහතා සහ එම දූත පිරිස ඊයේ (08) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

ලොව විශාලම මානුෂවාදී සංවිධානය වන අන්තර්ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනය රටවල් 192ක් පුරා විහිදී පවතියි.

කොවිඩ් වසංගතය ඇතුළු ඉතිහාසයේ ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දුන් සෑම ව්‍යසන අවස්ථාවකදීම ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය ඔස්සේ තම ජනතාව වෙත ලබා දුන් මානුෂවාදී ආධාර උපකාර වෙනුවෙන් අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයට සිය කෘතවේදීත්වය පිරිනමන බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී පැවසීය.

ලොව පුරා විසිරී සිටින සිය සාමාජික රටවල් අතර ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඉතා ක්‍රියාශීලී සහ විනිවිදභාවයෙන් කටයුතු කරන ඉදිරියෙන්ම සිටින සාමාජිකයෙකු බව පෙන්වා දුන් අන්තර් ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම් ජගාන් චැපගන් මහතා ඉදිරි සහන සේවා කටයුතුවලදී ද ඔවුන්ගේ ඉල්ලීම් වලට ප්‍රමුඛත්වයක් ලබාදී ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ප්‍රතිලාභ ලබාදීමට බලාපොරොත්තුවන බවට විශ්වාසය පළ කළේය.

ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතාගේ නායකත්වයෙන් ඉටු කරන කාර්ය භාරය වෙනුවෙන් රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව මෙහි දී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අන්තර්ජාතික රතුකුරුස හා රතු අඩසඳ සම්මේලනයේ ඉන්දීය කලාපීය ප්‍රධාන නියෝජිත උදය රෙජිමි, ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති  ජගත් අබේසිංහ, අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අරුණ ලේකම්ගේ මහත්වරු එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here