Home උණුසුම් පුවත් රාගම වෛද්‍ය සිසුන්ට පහරදීමට රාජ්‍ය ඇමති අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

රාගම වෛද්‍ය සිසුන්ට පහරදීමට රාජ්‍ය ඇමති අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

0
රාගම වෛද්‍ය සිසුන්ට පහරදීමට රාජ්‍ය ඇමති  අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩා වැදී වෛද්‍ය සිසුන්ට පහරදීම මෙහෙයවා ඇත්තේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතා විසින් බව පොලිස් විමර්ශන වලින් හෙළිවී තිබේ.

අත්අඩංගුවටගත් පොල් සංවර්ධන මණ්ඩලයේ සේවකයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් ඒ බව ප්‍රශ්න කිරීමේදී හෙළි කිරීමෙන් අනතුරුව අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත් 23 වියැති රන්දිල ජෙහාන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත. එම අවස්ථාවේදී ඔහු නීතීඥයින් පිරිසක් සමඟ ඊයේ රාත්‍රියේ රාගම පොලිස් ස්ථානයට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට එම පහරදීමට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. රාජ්‍ය ඇමතිවරයාගෙග් පුත්‍රයා එම පහරදීමට පැමිණි බීම්.එම්.ඩබ්ලිබ්. වර්ගයේ මෝටර් රථයද කළුබෝවිල තිබී පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අත්අඩංගුවටගත් වෛද්‍යපීඨයේ තෙවැනි වසරේ සිසුවා සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා පාසල් මිතුරන් බවත් ඔවුන් මේ වන විට එකට එක්ව ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින බවත් පොලිස් විමර්ශන වලින් තොරතුරු අනාවරණය වී ඇත.

රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතා පැමිණි එම මෝටර් රථය කුළී පදනම මත ලබාගත්තක් බවත් එම වාහනය රාජ්‍ය අමාත්‍යවරයා සහ වෛද්‍ය පීඨ සිසුවා සම්බන්ධ ව්‍යාපාරික ආයතනයට කුළී පදනම මත ලබාගෙන ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතා එම පහරදීමට පැමිණි බව වීඩියෝ දර්ශනවලින්ද පැහැදිලිව අනාවරණය වී ඇති බවත් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සඳහන් කළේය.

සෙසු පිරිස සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට හදුනා ගැනීම් සිදුකරමින් සිටින අතර ඒ අය අතර වැඩි දෙනෙක්ම අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ සමීපතයින් බවට සැකයක් පොලීසියට ඇති වී තිබේ. බොහෝ දෙනෙක් මීගමුව සහ දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here