තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බැංකු කඩන කම්බ හොරෙක් අල්ලයි

    බැංකු කඩන කම්බ හොරෙක් අල්ලයි

    බද්දේගම සහ ඇල්පිටියේ සණස හා ග්‍රාමීය බැංකු කිහිපයක් බිඳ මුදල් හා රන් භාණ්ඩ සොරාගෙන කොළඹට පැන සිටි අපරාධකරුවෙක් රත්මලාන ගුවන්තොටුපොල ආසන්නයේදී අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලීසිය සමත්ව ඇත.

    වයස අවුරුදු 35 ක් පමණ වන සැකකරු බද්දේගම මීවැඩුමේ පදිංචිකරුවෙකි.

    ගුවන්තොටුපොල ආසන්නයේ පෙරේදා (15) සැකකටයුතු ලෙස රැදී සිටි මෙම පුද්ගලයාව පොලිස් භාරයට ගෙන කෙරුණු ප්‍රශ්න කිරීම් හමුවේ බැංකු කොල්ලකෑම් ගැන තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    බද්දේගම පිහිටි තලාව සණස බැංකුව 2021 සැත්තැම්බර් 25 වෙනිදා බිඳ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් සොරාගැනීම, තෙලිකඩ පිහිටි ගරදෙවල ග්‍රාමීය බැංකුව 2021 ඔක්තෝම්බර් 28 වෙනිදා බිඳ රුපියල් ලක්ෂ 09 ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීම, පිටිගල මත්තක සමෘද්ධි බැංකුව බිඳ රුපියල් 30,000 ක මුදලක් සොරා ගැනීම, ඇල්පිටියේ ඇත්කඳුර සණස බැංකුව බිඳ මුදල් හා රන්භාණ්ඩ සොරා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබෙන බවද පොලිස් මූලස්ථානය සදහන් කරයි.

    මෙම පුද්ගලයා රජයේ නිවාඩු දිනවල බැංකු වසා තිබියදී දොරගුළු කඩා බැංකුවලට ඇතුළුවී මෙම සොරකම් සියල්ල කර ඇති බව පොලීසිය කියයි.
    සැකකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර එහිදී ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img