තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බොරැල්ල පල්ලියේ අනාවරණයෙන් බෝම්බය තැබූ සැබෑ පුද්ගලයා අත්අඩංගුවට

    බොරැල්ල පල්ලියේ අනාවරණයෙන් බෝම්බය තැබූ සැබෑ පුද්ගලයා අත්අඩංගුවට

    බොරැල්ල සියලු සියළු ශාන්තුවරුන්ගේ දේවස්ථානයට පැමිණ පසුගියදා අත්බෝම්බයක් තබා ගිය සැකකරු ඇඹිලිපිටියේදී අද අත්අඩංගුවට ගෙන තිබේ.

    කඩවත මංකඩ පාරේ පදිංචි කරුවෙක් වන මෙම පුද්ගලයා විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ කලක් බන්ධනාගාර ගතව සිට ඇති පුද්ගලයෙක් බවද අනාවරණය වේ.

    එම පුද්ගලයා අවුරුදු හැට හතක් පමණ වයසැති සිංහල ජාතිකයෙක් බවත් සදහන්ය.

    ඔහු පවසන්නේ රුපියල් පනස් දහසක් තමාට ලබා දී පුද්ගලයකු විසින් මෙම බෝම්බය පල්ලියේ තබන ලෙස දැනුම් දුන් බව ය.

    ඒ අනුව තමා එම බෝම්බය රැගෙන විත් කඩවත සිට බසයකින් පැමිණ පල්ලියේ තබා ගිය බව ඔහු පවසා තිබේ.

    මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට තොරතුරු ලබාදී ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවය බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.

    ඒ අනුව මේ වන විට පෙනී ගොස් ඇත්තේ බෝම්බය තැබූ යැයි කියන, පල්ලියේ සේවය කළ, පොලිසිය මීට පෙර අත්අඩංගුවට ගත් සිව් දෙනා නිකරුණේ අත්අඩංගුවට ගෙන ඇති බව ය .

    කෙසේ වෙතත් එලෙස අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර අනෙක් තිදෙනා රඳවා ගැනීමේ නියෝග මත ආරක්ෂක අංශ භාරයේ රඳවා තබා තිබුණි.

    මෙම බෝම්බය තැබූ නියම පුද්ගලයා සොයා ගනු ලැබ ඇත්තේ ද ද පොලිසිය විසින් නොව, පල්ලියේ පූජකවරු විසින් සීසීටීවී කැමරා දර්ශන පරික්ෂා කිරීමෙන් පසුව අනාවරණය කරගත් තොරතුරු මත ය.

    පල්ලියෙන් කරන ලද එම අනාවරණය හේතුවෙන් බෝම්බය තැබූ පුද්ගලයා හඳුනා ගැනීමට හැකිව ඇති බව වාර්තා වේ.

    බොරැල්ල පල්ලියේ බෝම්බය තැබූ පුද්ගලයා සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුවූ ආකාරය අගරදගුරු හිමි විසින් විවේචනය කිරීමත් සමඟ මෙම විමර්ශනය සම්බන්ධයෙන් මේ වනවිට රටම බලාසිටී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img