fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"පහක් තුළ කරන්න පොරොන්දු වූ සියල්ල තුනක් තුළ කරනවා කරනවාමයි"

    “පහක් තුළ කරන්න පොරොන්දු වූ සියල්ල තුනක් තුළ කරනවා කරනවාමයි”

    අවුරුදු පහක් තුළ කරනවයි කියපු ඒ පොරොන්දුවුණු වැඩ සියල්ලම ලබන අවුරුදු තුන තුළ කරනවා කරනවාමයි යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මීරිගම-කුරුණෑගල කොටස “ඇතුගල්පුර පිවිසුම” ජනතා අයිතියට පත්කරමින් ජනාධිපතිවරයා යග්ගපිටියේ දී මේ බව සඳහන් කළේය.

    ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණු මෙම අධිවේගී මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 40.9කි.

    අපේ ඇමති මණ්ඩලයෙන්, මන්ත්‍රීවරුන්ගෙන්, ප්‍රාදේශිය සභා මන්ත්‍රීතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා බොරු ප්‍රචාරවලට අධෛර්මත් වෙන්නෙ නැතිව ජනතාවට පෙරොන්දුවුණු වැඩ කොටස මේ අවුරුදු 3 තුළ කරමුයි කියන එක මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.

    ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ගෙන් මම ඉල්ලා සිටිනවා අපි ජනතාව වෙනුවෙන් වැඩ කරන්නටයි ආවේ.එදා අවුරුදු 30ක් මේරටේ තිබුණු යුද්ධය අවසන් කරන්න සූදානම් වෙනකොට චෝදනා ආවා. ඒ චෝදනා මැද්දෙ අවුරුදු තුනකින් තමයි අවුරුදු 30ක යුද්ධය අවසාන කළේ.

    එහෙම නම් මේ ඉදිරි අවුරුදු තුනේ දී අපි පොරොන්දුවුණු වැඩකොටස කරන එක කජ්ජක් නෙමෙයි කියලා මම කියනවා. මාත් එක්ක එකතුවෙන්න. මම ගැන විශ්වාසය තියන්න. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ගැන එදා තියපු විශ්වාසය අදත් තියන්න. අපිට මේක කරන්න පුළුවන්. අපි පසුබට වෙන්නෙ නෑ හාමුදුරුවනේ.

    මම ඔය මාධ්‍යවලට කියනවා අපිත් එක්ක ගහගැනීමක් නෑ මෙතන.කවුරුවත් අතරෙ තරගයක් නෑ. අපි ඔක්කොම ඇවිල්ලා ඉන්නෙ රට හදන්න. අපේ බලාපොරොත්තුව රට හදන එක. මේ සංවර්ධනයේ පාර්ශවකරුවකු වෙන්නැයි මම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඇතැම් විවේචන කරන ජනතාව අධෛර්මත් කරන්න එපා.

    විපක්ෂයේ කාර්ය භාරය තමයි විවේචනය කිරීම. මට 69 ලක්ෂයක් ඡන්දය දෙනකොට තවත් 52ලක්ෂයක් මට විරුද්ධව ඡන්දය දුන්නා.ඒකත් අමතක කරන්න එපා. මේ අයගෙ කාර්ය භාරය මාව විවේචනය කිරීම. මේ අයට රැවටෙන්න එපා.”යැයි ජනාධිපතිවරයා පැවසීය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.