Home උණුසුම් පුවත් පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවේ සිටි ජමාත්-ඊ-ඉස්ලාම් හිටපු ප්‍රධානියාට ඇප

පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවේ සිටි ජමාත්-ඊ-ඉස්ලාම් හිටපු ප්‍රධානියාට ඇප

පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවේ සිටි ජමාත්-ඊ-ඉස්ලාම් හිටපු ප්‍රධානියාට ඇප

ජමාත්-ඊ-ඉස්ලාමි ශ්‍රී ලංකා සංවිධානයේ හිටපු ප්‍රධානියා අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.

ඔහුගේ නීතීඥයන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් යටතේ උස්තාද් රෂීඩ් හජ්ජුල් අක්බර් රඳවා තබා ගැනීම නීති විරෝධී යැයි අභියෝග කර තිබූ බව සඳහන් ය.

ඔහුට කිසිදු අධිචෝදනාවක් නොමැති බව පවසමින් ඔහු ඇප මත මුදා හැරීමට නීතිපතිවරයා උසාවියේදී එකඟ වී ඇත. එහිදී දෙසැම්බර් 17 වැනි දින නඩුව විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

61 හැවිරිදි අක්බර් පසුගිය වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත මර්දන සහ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අක්බර්ගේ පවුල ජීවත් වන්නේ මාවනැල්ලේය.

2019 අප්‍රේල් මාසයේ 21 දා 250 කට අධික පිරිසක් බිලිගනිමින් සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඔහු 2019 අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

අක්බාර් 1994 සිට 2018 දක්වා වසර 24ක් ජමාත්-ඊ-ඉස්ලාමි ශ්‍රී ලංකා නායකත්වය දැරීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here