තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාකිස්ථානයේ හිම කුණාටුවක් - 22ක් වාහන තුළම මරු‍ට

    පාකිස්ථානයේ හිම කුණාටුවක් – 22ක් වාහන තුළම මරු‍ට

    උතුරු පාකිස්ථානයේ සිදුවූ හිම කුණාටුවක් හේතුවෙන් එහි මාර්ගයක වාහන 1000කට අධික ප්‍රමාණයක් හිරවී අවම වශයෙන් 22 දෙනෙකු මියගොස් තිබේ.

    ඔවුන් අධික හිම නිසා ඔවුන්ගේ මෝටර් රථවල සිරවී සිටි අතර, බොහෝ අය හයිපෝතර්මියාව හේතුවෙන් මිය ගිය බව පොලිසිය විදෙස් මාධ්‍ය වෙත පැවසීය.

    එරට අගනුවර වන ඉස්ලාමාබාද් සිට සැතපුම් 28 ක් පමණ උතුරින් පිහිටි ශීත ඍතු නිවාඩු නිකේතනයක් වන මුරේ වෙත සංචාරකයින් විශාල ප්‍රමාණයක් ගමන් කර ඇත.

    හිම කුණාටු සමඟ සංචාරකයින් අතරමං වී රථවාහන තදබදයක සිරවී සිටි පසු ‘ආහාර අර්බුදයකින්’ පීඩා විඳි බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රෂීඩ් කියා සිටියේය.

    මුදාගැනීමේ ප්‍රයත්නවල යෙදී සිටින වෛද්‍යවරයකු වන අබ්දුර් රෙහ්මාන් මාධ්‍ය වෙත පවසා තිබුණේ අතරමං වූ සියලුම සංචාරකයින් ඉවත් කිරීමෙන් පසු මියගිය සංඛ්‍යාව පිරිමින් 10 ක්, කාන්තාවන් දෙදෙනෙකු සහ ළමුන් 10 ක් වූ බවයි.

    තවමත් අතරමංව සිටින ‘දහසකට ආසන්න’ වාහන හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා රජය හමුදාව සහ සිවිල් සන්නද්ධ හමුදා කැඳවා ඇති බව රෂීඩ් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img