fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් ආසාදිත දරුවා කාර් බූට් එකේ දාගෙන ගිය මව අත්අඩංගුවට

    කොවිඩ් ආසාදිත දරුවා කාර් බූට් එකේ දාගෙන ගිය මව අත්අඩංගුවට

    මවක විසින් තම කොවිඩ් ආසාදිත 13 හැවිරිදි පුතා කොවිඩ් පරීක්ෂණ ස්ථානයකට ගෙන යාමේදී ආසාදනය නොවන පරිදි තම මෝටර් රථයේ බූට් එකේ සිර කර තබාගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

    41 හැවිරිදි සාරා බීම් හට දරුවෙකු අනතුරේ හෙළීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව එරට මාධ්‍ය පවසයි.

    ටෙක්සාස්හි ද්විතියික පාසල් ගුරුවරියක වන බීම් ජනවාරි 3 වන දින පුතාට වෛරසය ඇති බව තහවුරු කිරීම සඳහා හූස්ටන්හි කොවිඩ් -19 පරීක්ෂණ ස්ථානයකට ගෙන ගියාය.

    එහි ගිය ඇය නිලධාරීන්ට පවසා ඇත්තේ වෛරසය වැළඳීමෙන් ආරක්ෂා වීම සඳහා තම පුතා මෝටර් රථයේ පසුපස කොටසට දැමූ බවයි.

    ඔහු මෝටර් රථයේ පිටුපස අසුනට ගෙන යන තුරු ඔහුට පරීක්ෂණයක් ලබා නොදෙන බව නිලධාරීන් ඇයට දන්වා ඇත.

    පොලිසිය පැවසුවේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති අතර දරුවාට හානියක් සිදුවී නොමැති බව තහවුරු කර ඇති බවයි.

    Cy-Fair ISD පොලිස් දෙපාර්තමේන්තුව පැවසුවේ: “මෙම සතිය මුලදී ඩ්‍රයිව්-තෲ Covid-19 පරීක්ෂණ ස්ථානයක දරුවෙකු මෝටර් රථයක බූට් එකේ සිටින බවට CFPD වෙත දැනුම් දෙන ලද බවටය.

    “නීතිමය පියවර ගැනීම සඳහා සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් විය. වාසනාවකට දරුවාට හානියක් වුණේ නැහැ.” යැයි ද ඔවුන් පවසා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.