Home උණුසුම් පුවත් සැරසිලි ගැලවිලි ගෙරවිලි මැද තිබූ බණ්ඩාරනායක ජන්ම දින සමරුව

සැරසිලි ගැලවිලි ගෙරවිලි මැද තිබූ බණ්ඩාරනායක ජන්ම දින සමරුව

සැරසිලි ගැලවිලි ගෙරවිලි මැද තිබූ බණ්ඩාරනායක ජන්ම දින සමරුව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ, හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩරනායක මහතාගේ 123 වැනි ජන්ම දිනය අදට යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙන වෙනම සැමරුම් උත්සව දෙකක් සංවිධානය කර තිබුණි.

සැමරුම් උත්සව දෙක අද පැවැත්වුණේ කොළඹ ගාලු මුවදොර පිහිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අභියසදීය.

හිටපු ජනපතිනියගේ පුෂ්පෝපහාර දැක්වීමට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, චන්දිම වීරක්කොඩි, කුමාර වෙල්ගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංග සහ අර්ජුන රණතුංග මහතා ඇතුළු පිරිසක් එක්විය.

එම උත්සවය අවසන් කිරීමෙන් පසුව උත්සව සැරසිලි ගලවා ඉවත් කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සංවිධායකින් කටයුතු කළ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංවිධායකයින් එම උත්සව භූමිය නැවත සැරසීමට පියවර ගෙන තිබු බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here