තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම තවත් මාස 6කට අක්‍රිය කෙරේ

    පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම තවත් මාස 6කට අක්‍රිය කෙරේ

    සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම අද (5) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස හයකට දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

    ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2022 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img