තවත්

    A5 අලුත් වූ හැටි

    පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි (A005) මාර්ගයේ සෞදි අරමුදල් යටතේ රු.මිලියන 7200 ක් වැය කර සංවර්ධනය කල බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7 ක මාර්ග කොටස ජනතා අයිතියට පත් කෙරේ.

    මධ්‍යම,ඌව සහ නැගෙනහිර පළාත් තුන යා කෙරෙන පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි ( A005 ) මාර්ගය දිගින් කි.මි 275ක් වේ.

    මෙම මාර්ගයේ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7 ක මාර්ග කොටස පුලුල් කොට සංවර්ධන ය කර ජනතා අයිතියට පත් කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද(28) දින සිදු කෙරිණි .

    බිබිල සිට චෙන්කලාඩි දක්වා සංවර්ධනය කල මාර්ගයේ දුර කි.මි 86.7 කි. මෙම මාර්ගය ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යනය 2014 වසරේ දී සිදු කර ඇත.

    මෙම මාර්ග කොටස අදියර 3ක් යටතේ දේශීය ඉදිකිරීම් සමාගම් 2 ක් මඟින් සංවර්ධනය කර ඇත.

    පලමු අදියර ලෙස බිබිල සිට පදියතලාව දක්වා කි.මි 29 ක් සංවර්ධනය කර ඇත. . එහි දෙවන අදියර පදියතලාව සිට ටැම්පිටිය දක්වා කි.මි 30 ක් සංවර්ධනය කර ඇත.

    ටැම්පිටිය සිට චෙන්කලාඩි දක්වා කි.මි 27.7 ක් තුන්වන අදියර ලෙස සංවර්ධනය කර ඇත.

    මෙම මාර්ග කොටස සංවර්ධනය කිරීම සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල ව්‍යාපෘතිය SFD ( Saudi Fund for Development ) මඟින් මූල්‍යාධාර සපයා ඇත.

    මෙම මාර්ග කොටස ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් හා දේපළ අහිමු වූ බිබිල , රිදීමාලියද්ද , පදියතලාව සහ මහඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වලට ජනතාව වෙනුවෙන් මේ වන විට රු.මිලියන 12.4 ක මුදලක් ගෙවා ඇත.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img