තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තිරසර සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාව ලොව දෙවැනි තැනට

    තිරසර සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාව ලොව දෙවැනි තැනට

    තිරසාර සංවර්ධන දර්ශකයෙන් (SDI) ලොව දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

    ඒ රටවල් 165ක් අතුරිනි.

    අද නිකුත් වූ එහි නවතම වාර්තාවේ මේ බව දැක්වෙයි.

    මෙම දර්ශකය මගින් එය අප ‘සංවර්ධිත’ ලෙස සලකන්නේ කවුරුන්ද යන්න පිළිබඳ වන අපගේ අවබෝධයට අභියෝග කරයි.

    සංවර්ධිත රටවල් ගණයට වැටෙන කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල් මෙම දර්ශකයේ අවසන් දස දෙනා අතර වේ.

    මෙහිදී මානව සංවර්ධනයේ පාරිසරික කාර්යක්ෂමතාවය මනිනු ලබයි.

    මෙහි ලකුණු ආරම්භ වන්නේ එක් එක් ජාතියේ මානව සංවර්ධනට හේතුවන ආයු අපේක්ෂාව, අධ්‍යාපනය සහ ආදායම ආදිය සමඟිනි.

    පරිභෝජනය පදනම් කරගත් CO2 විමෝචනය සහ ඒ ආශ්‍රිතව සාපේක්ෂව ඉහළ මානව සංවර්ධනයක් අත්කර ගන්නා රටවල් මෙම දර්ශකයේ ඉහළට නැඟේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img