මුල් පිටුව උණුසුම් පුවත් හොංකොංවලින් ඉවත්කළ තියනෑන්මන් ස්මාරකය

හොංකොංවලින් ඉවත්කළ තියනෑන්මන් ස්මාරකය

0

චීනයේ තියනෑන්මන්  සංහාරය සිහිකිරීමට හොංකොං විශ්ව විද්‍යාලයේ ඉදිකර තිබූ ස්මරකය ඊයේ පස්වරුවේදී ඉවත් කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් පියවරගෙන තිබේ.

1989 වර්ෂයේදී ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් චීනයේ පැවැත්වූ විරෝධතා වලදී විරෝධතාකරුවන් ඝාතනය කිරීම සිහි කිරීමට මෙම ස්මාරකය ඉදිකර තිබිණි.

මෙම ස්මාරකය ඉවත්කිරීම හොංකොන් හී කටයුතු වලට චීනයේ අතපෙවීම වර්ධනය වීම හොදින්ම පෙන්නුම්කරන සිදුවීමක් ලෙස දේශපාලන විශ්ලේෂකයින් පෙන්වාදී තිබීමද විශේෂත්වයකි.

චීනය තුල අවම වශයෙන්  මෙම සංහාරය පිළිබඳ කතා බහට ලක්වෙන අතර  එය සිහිපත් කිරීමට චීනය තුල අවසර හිමව තිබූ සීමත ප්‍රදේශයක් ලෙස හොංකොන් ප්‍රකටව පැවතිණි.

අදාල ස්මාරකය ඉවත් කිරීමට පෙර එය ඉදිකර තිබූ ස්ථානය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන තිබූ අතර පසුව ඒ අවට විශේෂ ආරක්ෂාවක්ද යොදා තිබූ බවට වාර්තවේ.

මේ අතර අදාල ස්ථානයට මාධ්‍යවේදීන්ට ඇතුලු වීමටද අවසර හිමිවී නොතිබුණු  බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

චීනයේ බීජිං හී තියනෑන්මන් චතුරස්‍රයේදී 1989 වර්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඉල්ලා කළ විරෝධාතවලදී දහස් ගණනක් වූ විරෝධතාකරුවන්ව චීන රජය විසින් ඝාතනය කරනු ලැබීය.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version