මුල් පිටුව උණුසුම් පුවත් කොළඹ අයට විශේෂයි: හෙට එළියට බහින්න කලින්, අනිවාර්යයෙන්ම මේක බලන්න..

කොළඹ අයට විශේෂයි: හෙට එළියට බහින්න කලින්, අනිවාර්යයෙන්ම මේක බලන්න..

0

හෙට(01) දිනට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි සඳහා පොලිස් ආරක්ෂාව සහ විශේෂ රථවාහන සැලැස්ම පොලිස් මූලස්ථානය විසින් නිවේදනය කර තිබේ.

හෙට දින විවිධ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සංවිධාන විසින් මැයි දින පෙළපාලි සහ රැස්වීම් සංවිධානය කර ඇත.

එබැවින් ඒ සම්බන්ධව ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම මෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා පොලිසිය විසින් අවශ්‍ය කටයුතු මේ වනවිටත් සැලසුම් කොට ඇත.

පිට පළාත්වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට මේ වන විටත් පොලිස් මූලස්ථානය විසින් අවශ්‍ය උපදෙස් හා නියෝග ලබා දී ඇත.

ඒ අනුව ගම්පහ, අනුරාධපුර, මාතර, නුවරඑළිය, මහනුවර යන ප්‍රදේශවල පැවැත්වීමට නියමිත මැයි දින රැලි හා පෙළපාලි සම්බන්ධයෙන්ද අවශ්‍ය ආරක්ෂක වැඩපිලිවෙලක් හා විශේෂ රථවාහන ගමනාගමනය සඳහා වන සැළස්ම නියමිත පරිදි පොලිසිය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.

කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන මැයි දින සැමරුම් ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 2100 ක පමණ ප්‍රමාණයක් සහ රථවාහන රාජකාරි සඳහා නිලධාරීන් 1300 ක පමණ ප්‍රමාණයක් රාජකාරි යෙදවීමට නියමිතව ඇති අතර මෙම කාලය තුල පහත පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇත.

01. එක්සත් ජාතික පක්ෂය

ස්ථානය – පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනය ඉදිරිපිට නව ප්‍රදිපා පාර

පෙළපාලියක් නොමැත

මාර්ගය වැසීම –

සංඝරාජ හංදියෙන් ප්‍රදීපා මාවතට ඇතුල් වීම.
ජුම්මා මස්ජිඩ් හංදියෙන් ප්‍රදීපා මාවතට ඇතුල් වීම.
සංඝරාජ හංදිය සහ ජුම්මා මස්ජිඩ් හංදිය අතර ඇති සියළුම අතුරු මාර්ග වලින් ප්‍රදීපා මාවතට ඇතුල් වීම.

විකල්ප මාර්ග

ප්‍රදීපා මාවතට විකල්පයක් ලෙස සාමාන්‍ය රථවාහන ගමනාගමනය සඳහා ජයන්ත වීරසේකර මාවත සහ ආමර් වීදිය හංදිය, ආමර් බාබර් හංදිය ඔස්සේ වේල්ස් කුමාර මාවත භාවිතා කල හැකිය.

බස් රථ නතර කිරීම

ජෝර්ජ් ආර් ද සිල්වා මාවත
අළුත් මාවත
බ්ලූමැන්ඩල් පාර
මැටි පාර්ක්
වේල්ස් කුමාර මාවත
ඛෙත්තාරාම පාර

අමතර රථගාල

සද්ධර්ම මාවත
පංචිකාවත්ත පාර

02. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ

ස්ථානය – කැම්බල් ක්‍රීඩාංගනය

පෙළපාලියක් නොමැත

මාර්ගය වැසීම – නැත.

රථ ගාල් –

සිරිධම්ම මාවත
ජේ.ඩී. ප්‍රනාන්දු මාවත
බේස්ලයින් පාර බන්ධනාගාර හංදිය අසල සිට ගුවන් පාලම දක්වා මාර්ගය දෙපස
නන්දදාස කෝදාගොඩ මාවත රථ ගාල
කොටා පාර
ඇල්විටිගල මාවත කනත්ත වටරවුම සිට නාරාහේන්පිට දෙසට මාර්ගය දෙපස
කිතුල්වත්ත පාර

අමතර රථ ගාල,

ලේක් ඩ්‍රයිව් මාර්ගය

03. සමගි ජනබලවේගය.

ස්ථානය – පහළ චැතැම් වීදිය.

පෙළපාලියක් පැවැත්වේ.

පෙළපාලිය ගමන් කිරිම –

සෝන්ඩර්ස් පෙදෙස, ගුණසිංහපුර හන්දිය, ඕල්කොට් මාවත, සී.ටී.ඕ. හන්දිය ඔස්සේ පහළ චැතැම් වීදිය දක්වා.

සහ

ඩී.ආර්.විජේවර්ධන මාවත, රීගල් හංදිය, සෙරමික් හංදිය, ලෝටස් පාර ඔස්සේ පහල චැතම් වීදිය දක්වා .

මාර්ගය වැසීම – යෝර්ක් විදිය සහ සි.ටි.ඕ. හන්දිය දක්වා කොටස

රථ ගාල් – බස් රථ හා සැහැල්ලු වාහන නතර කිරීම

ඩී.ආර්. විජේවර්ධන මාවත දෙපස
මැනිං මාර්කට්
චාමස් රථ ගාල
බාලදක්ෂ මාවත
එම්.ඕ.ඩී. රථ ගාල

04. දිවංගත ආර්. ප්‍රේමදාස මහතාගේ ගුණ සමරු උත්සවය

ස්ථානය – අළුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පිළිරුව අභියස

පෙළපාලිය නොමැත

05. ජාතික ජන බලවේගය

ස්ථානය – කන්නන්ගර මාවතේ උපාලි හෝටලය ඉදිරිපිට

පෙළපාලියක් ඇත.

ගමන් මාර්ගය –

හැව්ලොක් පාර, තුම්මුල්ල, රීඩ් මාවත, නිදහස් වටරවුම, නන්දා මෝටර්ස්, හෝර්ටන් වටරවුම (දකුණු පසින්), කන්නංගර මාවත ඔස්සේ ගමන් කර (උපාලීස් හෝටලය පැත්තෙන්), කන්නංගර මාවත, එෆ්.ආර්. සේනානායක මාවත හංදිය පසු කර ආපසු හැරී වේදිකාව දෙසට ගමන් කරනු ලබයි.

මාර්ගය වැසීම – එෆ්.ආර්. මාවත, ධර්මපාල වටරවුම, සොයිසා වටරවුම, හෝර්ටන් වටරවුම

බස් රථ නතර කිරීම

නිදහස් මාවත
ප්‍රේමකීර්ති ද අල්විස් මාවත
පදනම පාර
මේට්ලන්ඩ් පෙදෙස
සී.ආර්. සහ එෆ්.සී.
මලලසේකර මාවත සහ සරණ පාර
ග්‍රීන්පාත්
ස්ටැන්ලි විජේසුන්දර මාවත
බෞද්ධාලෝක මාවත ටොරිංටන් සිට කනත්ත දෙසට

06. පෙරටුගාමී සමාජවාදී පක්ෂ

ස්ථානය – හයිඩ්පාර්ක් ක්‍රිඩාංගණය

පෙළපාලියක් පැවැත්වේ.

ගමන් මාර්ගය –

වයිට් පාර්ක් පිටිය, ආනන්ද මාවත, මරදාන පාර, සීමන්ස් හංදිය, මරදාන පාලම හංදිය, ගාමිණී වටරවුම, ටී.බී. ජයා මාවත (ඩාලි පාර), ඉබ්බන්වල හංදියෙන් දකුණට හැරී හයිඩ් පාර්ක් පිටිය වෙත ගමන් කරනු ලබයි.

මාර්ගය වසන කොටස – නැත.

රථවාහන නතර කිරීම

වොක්ෂෝල් වීදිය
ස්ටෙපල් වීදිය රථගාල

07. නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය සහ ලංකා වෙළඳ කාර්මික පොදු සේවක සංගමය

ස්ථානය – විහාරමහාදේවී එළිමහන් රංග පීඨය

පෙළපාලියක් පැවැත්වේ.

මන් කරන මාර්ගය –

ගමන් කරන මාර්ගය –

ලිබර්ටි වටරවුම, ධර්මපාල මාවත, පිත්තල හංදිය, රතුකුරුස හංදිය, මාකස් ප්‍රනාන්දු මාවත, පුස්තකාල හංදිය, ආනන්ද කුමාරස්වාමි මාවත (ග්‍රීන්පාත්) ඔස්සේ විහාරමහා දේවී එළිමහන් රංග පීඨය දක්වා.

මාර්ගය වැසීම – නැත.

රථ ගාල් – විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ ඇතුලත භූමියේදී

08. ශ්‍රි ලංකාවේ කොමියුනිට්ස් පක්ෂය

ස්ථානය – කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩා පිටිය

පෙළපාලියක් පැවැත්වේ.

ගමන් කරන මාර්ගය

ශාලිකා පිටිය, පාර්ක් පාර, බේස්ලයින් පාර, හයිලෙවල් බේස්ලයින් හංදිය, හයිලෙවල් පාර ඔස්සේ කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩා පිටිය වෙත.

මාර්ගය වැසීම – නැත

රථ ගාල් – ශාලිකා ක්‍රීඩාංගණය හා පුර්වාරාම මාවත

09. ලංකා බැංකු සේවක සංගමය සහ එක්සත් කම්කරු සම්මේලන

ස්ථානය – ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩා පිටියේ (මැටි පාර්ක්) කොල්ලුපිටිය

පෙළපාලියක් පැවැත්වේ.

ගමන් කරන මාර්ගය –

චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත, කොම්පඤ්ඤවීදිය පොලීසිය වටරවුම, මැලේ වීදිය, කොම්පඤ්ඤවීදිය හංදිය, ජේම්ස් පීරිස් මාවත, පෙරහැර මාවත ඔස්සේ ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩා පිටිය වෙත.

මාර්ගය වැසීම – නැත

රථ ගාල් – පෙරහැර මාවත,

නවම් මාවත,

උත්තරානන්ද මාවත

10. එක්සත් සමාජවාදී පක්ෂය

ස්ථානය – කොස්ගස් හංදිය තොරණ ඉදිකරන ස්ථානය අසල

පෙළපාලියක් පැවැත්වේ.

ගමන් කරන මාර්ගය –

අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත හංදිය, ස්ටේස් පාර, කොස්ගස් හංදිය දක්වා

මාර්ගය වැසීම – නැත

රථ ගාල් – නැත.

11. වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එකමුතුවෙන් පැවැත්වෙන ස්වාධීන මැයි රැලිය

ස්ථානය – නව නගර ශාලාව

පෙළපාලියක් නොමැත

මාර්ගය වැසීම – නැත

රථ ගාල් – නැත

12. ජන මිත්‍ර මහජන සමූහය

ස්ථානය – මහජන පුස්තකාලය ශ්‍රවණාගාරයෙදී

පෙළපාලියක් නොමැත

මාර්ගය වැසීම – නැත

රථ ගාල් – මහජන පුස්තකාල ශ්‍රවණාගාර භූමියේ

13. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය

ස්ථානය – නීතිරාජා උත්සව ශාලාවේදී (ජින්තුපිටිය)

පෙළපාලියක් නොමැත

මාර්ගය වැසීම – නැත

රථ ගාල් – නැත

14. ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය

ස්ථානය – කොල්ලුපිටිය ශාන්ත මයිකල් දේවස්ථානය

පෙළපාලියක් පැවැත්වේ.

ගමන් කරන මාර්ගය –

කොල්ලුපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේ සිට ශාන්ත මයිකල් පාර, හඩ්සන් පාර, නෙල්සන් පටුමඟ, ධර්ම කීර්තියාරාම පාර, කාමල් පාර, කැමරන් පෙදෙස ඔස්සේ නැවත කොල්ලුපිටිය ශාන්ත මයිකල් දේවස්ථානය වෙත.

මාර්ගය වැසීම – නැත.

රථ ගාල් – ශාන්ත මයිකල් දේවස්ථාන භූමිය

ශාන්ත මයිකල් පාර

කොළඹ ප්‍රදේශයෙන් පිටත පැවැත්වෙන මැයි දින රැස්වීම් හා පෙළපාලි.

01. ලංකා සමසමාජ පක්ෂය

ස්ථානය – නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ

පෙළපාලියක් පැවැත්වේ.

ගමන් කරන මාර්ගය –

දෙල්කඳ හංදියේ සිට හයිලෙවල්පාර ආනන්ද සමරකෝන් රංග පීඨය කොහුවල හංදියේ සිට එස්. එස් ජයසිංහ මාවත ඔස්සේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨය දක්වා

මාර්ගය වැසීම – නැත

රථ ගාල් – ස්ටැන්ලි තිලකරත්න මාවතේ ජුබිලිකණුව දෙසට

  1. ජාතික ජන බලවේගය – අනුරාධපුර

ස්ථානය- අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී

පෙළපාලියක් පැවැත්වේ.

ගමන් කරන මාර්ගය –

වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයට රැස්වෙන මහජනතාව පෙළපාලි මඟින් සල්ගාදු ක්‍රීඩාංගනයට රැස්වීමට නියමිතව ඇත.

මාර්ගය වැසීම – නැත.

රථ ගාල් – විවේකානන්ද පිරිවෙන

චිත්තම්පලම් මාවත

මධ්‍යම මහා විද්‍යාල පෙදෙස

  1. ප්‍රජාතන්ත්‍රවාදි මාක්ස් ලෙනින්වාදි පක්ෂය – යාපනය

ස්ථානය – ආරියකුලම් විමර්ශාලාව දී

පෙළපාලියක් පැවැත්වේ.

ගමන් කරන මාර්ගය –

ආරියකුලම් හන්දියෙන් සිට විමර්ශාලාව වෙත ගමන් කිරිමට නියමිතව ඇත.

මාර්ගය වැසීම – නැත

රථ ගාල් – නැත

  1. ජාතික ජන බලවේගය – යාපනය

ස්ථානය – කන්දයිචෙල්වා ශ්‍රවනාගාරයේ දී

පෙළපාලියක් නොමැත.

මාර්ගය වැසීම – නැත

රථ ගාල් – නැත

  1. ප්‍රජාතන්ත්‍රවාදි තමිල් ජාතික සංවිධානය – යාපනය

ස්ථානය – මානිප්පායි ප්‍රදේශීය සභාව.

පෙළපාලියක් පැවැත්වේ.

ගමන් කරන මාර්ගය –

මානිප්පායි හන්දියෙන් සිට මානිප්පායි ප්‍රදේශිය සභාව ගමන් කිරිමට නියමිතව ඇත.

මාර්ගය වැසීම – නැත

රථ ගාල් – නැත

  1. ජාතික ජන බලවේගය – මාතර

ස්ථානය – මාතර වෙරළබඩ උද්‍යානය

පෙළපාලියක් පැවැත්වේ.

ගමන් කරන මාර්ගය –

මාතර රාහුල විද්‍යාලය අසලින් ආරම්භ වන පෙළපාලිය නෝපේ හංදිය අනගාරික ධර්මපාල මාවත ඔස්සේ බෝධිය අසලින් මහානාම පාරේ පැමිණ ජයසූරිය වට රවුමෙන් වමට හැරී එස්.කේ. හංදියෙන් දකුණට හැරී රණවිරු වටරවුමෙන් වමට හැරී වෙරළබඩ උද්‍යානයට පැමිණීමට නියමිතය.

මාර්ගය වැසීම – නැත.

රථ ගාල් –

අකුරැස්ස මාර්ගයේ රාහුල හංදියේ සිට ගොඩගම දක්වා මාර්ගයේ වම්පස
ඉසදින් නගරයේ මීරා පාර
මහින්ද රාජපක්ෂ විද්‍යාගය ඉදිරිපස ක්‍රීඩංගණය
වෙරළ මාර්ගය
රවීන්ද්‍රනාත් තාගෝර් ශාලාව සිට වැල්ලමඩම මාර්ගය
තල්පාවිල විද්‍යාල ක්‍රීඩාංගණය
තල්පාවිල වෙන්දේසි ඉඩම
කෝන්හ හංදියේ දෙවිනුවර දෙසය ඇති ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණය
හක්මන මාර්ගය දෙපස
නාඳුගල බලාගාර පාර
නාඳුගල බන්ට් එක අසල
දෙවනුවර විෂ්ණු දේවාලය ඉදිරිපිට ක්‍රීඩාංගණය

  1. ලංකා කම්කරු ජාතික සංවිධානය – නුවරඑළිය

ස්ථානය – තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණය

පෙළපාලියක් පැවැත්වේ.

ගමන් කරන මාර්ගය –

තලවකැලේ මහජන බැංකුව අසල සිට තලවාකැලේ නගර සභා ක්‍රීඩාංගණය දක්වා

මාර්ගය වැසීම – නැත.

රථගාල් – නැත.

  1. ලංකා කම්කරු කොංග්‍රසය – නුවරඑළිය

ස්ථානය – කොටගල නගර සභා ක්‍රීඩාංගණය

පෙළපාලියක් පැවැත්වේ.

ගමන් කරන මාර්ගය –

හැරින්ටන් හංදියේ සිට කොටගල නගර සභා ක්‍රීඩාංගණය දක්වා

මාර්ගය වැසීම – නැත.

රථගාල් – නැත.

අත්‍යවශ්‍ය කරුණක් නොමැති නම්, පෙළපාලි හා රැස්වීම් පැවැත්වෙන කාලය තුල පහත ස්ථාන හා මාර්ග මඟහැර වෙනත් විකල්ප මාර්ග භාවිතා කරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.

ඉහත පරිදි පෙළපාලි හා රැස්වීම් සඳහා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබන අතර, අවශ්‍යතාවය පරිදි සහ රථවාහන අවහිරතාවයක් ඇති වුවහොත් ඊට සරිලන ලෙස ක්‍රියා කිරීමට රථවාහන පොලිස් නිලධාරීන් විසින් කටයුතු කරනු ඇත.

කොළඹ නගරයේ පැවැත්වෙන පෙළපාලි හා රැස්වීම් පැවැත්වෙන ස්ථාන, ගමන් මාර්ග, විකල්ප මාර්ග සහ රථ ගාල් සම්බන්ධ සිතියම් පහත ගොනුවෙන් දක්වා ඇත.

සිතියම් ගොනුව
සිතියම

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version