Home උණුසුම් පුවත් උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව ගැන ඇමති වීරසේකරගෙන් පොලිස්පතිට උපදෙස්

උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව ගැන ඇමති වීරසේකරගෙන් පොලිස්පතිට උපදෙස්

0
උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව ගැන ඇමති වීරසේකරගෙන් පොලිස්පතිට උපදෙස්

නත්තල් සමය හා නව අවුරුදු උදාව සමග කොළඹ හා තදාසන්න ප්‍රදේශවල හැසිරෙන ජනතාවගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නැ`යි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී ඇත.

මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන හා ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙසත්, ගැට කපන්නන්, අපරාධකරුවන් පිළිබඳව අවශ්‍ය කටයුතු කිරීමට සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් වැඩිපුර යෙදවීමටත් පියවර ගන්නා ලෙසත් අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මහජන ආරක්ෂාව වෙනුවෙන් යතුරුපැදි සංචාර, පා මුර සංචාර ද මේ කාලය තුළ ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට වැඩිදුරටත් දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here