තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්අඩංගුවේ සිටින රැඳවූවන් මියයාම් ගැන පොලීසියට අලුත් උපදෙස් ලැබී නැතිලු

    අත්අඩංගුවේ සිටින රැඳවූවන් මියයාම් ගැන පොලීසියට අලුත් උපදෙස් ලැබී නැතිලු

    පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් මියයාම් වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට නව උපදෙස් ලැබී නැතැයි පෞද්ගලික පුවත්පතක් වාර්තා කර තිබේ.

    මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් මේ පිළිබඳ නව උපදෙස් නිකුත් කර ඇති බවට පසුගියදා වාර්තා පළ වී තිබිණ.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසා ඇත්තේ ද ඒ පිළිබඳ මෙතෙක් කිසිදු නියෝගයක් ලැබී නොමැති බවයි.

    අත්අඩංගුවේ පසුවන භාරකාර මරණ වැළැක්වීම සම්බන්ධයෙන් නව උපදෙස් දී නොමැති බවත් පසුගිය මාස හය තුළ හෝ එවැන්නක් නිකුත් වී නොමැති බවත් ඔහු පවසා තිබේ.

    මීට බොහෝ කලකට පෙර උපදෙස් නිකුත් කර තිබිය හැකි නමුත් එවැනි චක්‍රලේඛයක් තමා දැක නැතැයි ද හෙතෙම සඳහන් කර ඇත.

    කෙසේවෙතත් අත්අඩංගුවේ සිටින විට රැඳවූවන්ට අවශ්‍ය ආරක්ෂාව ඇති බවට වග බලා ගැනීම සඳහා අදාළ නීති ස්ථාපිත කර ඇති බව ද ඔහු අවධාරණය කර තිබේ.

    මෙරට තුළ අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ ජීවිත අනතුරේ පවතින බවට නීතීඥයින් සහ මානව හිමිකම් කොමිසම වරින් වර චෝදනා කර ඇත.

    මෑත කාලීනව සිදුවූ අත්අඩංගුවේ පසුවූ පාතාල අපරාධකරුවන් දෙදෙනකු විවිධ සිද්ධීන් හේතුවෙන් මරණයට පත්වීම පිළිබඳ මහජන විරෝධයක් ඇති විය.

    ආදර්ශ පොලිස් ස්ථාන 47 න් 17 ක සීසීටීවී කැමරා පද්ධති සවි කර ඇත.

    එම පොලිස් ස්ථාන 47 2019 වසරේ “ආදර්ශ පොලිස් ස්ථාන” ලෙස උසස් කිරීමට හඳුනාගෙන තිබූ අතර එම වසරේ කැමරා පද්ධති සවි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img