fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්LPL අවසන් වටයේ ආරම්භය අදයි

    LPL අවසන් වටයේ ආරම්භය අදයි

    ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අද (19) ආරම්භ වෙයි.

    අවසන් මහා තරගය ඇතුළු තරග 04 ක් එහිදී පැවැත්වීමට නියමිත ය.

    පළමු තරගය පැවැත්වෙන්නේ පස්වරු 04 ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදි ය.

    එහිදී කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සහ දඹුල්ල ජයන්ට්ස් තරඟ වදී.

    එහිදී පරාජය ලබන කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වනු ඇත.

    රාත්‍රී 8.30ට එම ක්‍රීඩාංගණයේ දීම ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් තරගවැදීමට නියමිතය.

    එහි ජයග්‍රාහකයන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

    පරාජිත කණ්ඩායම පළමු සුදුසුකම් ලැබීමේ තරගයේ ජයග්‍රාහකයන් සමග හෙට (19) තරග වදිනු ඇත.

    මෙවර එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගය ලබන 23 වනදා මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.