Home දේශීය පුවත් ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් සමාගම්වලට අධිකරණය දුන් නියෝගය

ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් සමාගම්වලට අධිකරණය දුන් නියෝගය

0
ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් සමාගම්වලට අධිකරණය දුන් නියෝගය

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුමත කළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට අද නියෝග කළේය.

ප්‍රමිතීන්ට අනුකූල නොවන අයුරින් වෙළඳපොළට නිකුත් කර ඇති ගෘහස්ත ගෑස් සිලින්ඩර නැවත එකතු කර ගැනීමට කටයුතු කරන ලෙසත් වෙළඳපොළේ හා පාරිභෝගිකයන් වෙත නිකුත් කර ඇති ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙනුවට ප්‍රමිති අනුකූල නව ගෑස් සිලින්ඩර ලබා දීමේදී ගාස්තු අය නොකරන ලෙසටත් අභියාචනාධිකරණය ගෑස් සමාගම් දෙකට අතුරු තහනම් නියෝග කළේ ය.

ගෑස් කාන්දුවීම් හේතුවෙන් ඇති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව අතුරු නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන විනිසුරු මඩුල්ල විසින් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත මෙම නියෝග නිකුත් කර ඇත.

මෙම රීට් පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන ජනවාරි 26 වෙනිදා දක්වා කල් තැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here