fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සංචාරකයින් පිළිගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නත්තල් කැරොල් ගීත වැඩසටහනක්

    සංචාරකයින් පිළිගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නත්තල් කැරොල් ගීත වැඩසටහනක්

    ශ්‍රීලංකන් ගුවන් සමාගම, උදාවන නත්තල් දිනයේ ප්‍රීතිය බෙදාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටවන සංචාරකයින්ගේ විනෝදාස්වාදය සඳහා විශේෂ නත්තල් කැරොල් ගීත ගායනා වැඩසටහනක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී පවත්වන ලදී. ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය වූ මෙම කැරොල් ගීත ගායනය ලොව පුරා සිටින රසිකයින් විසින් මහත් උනන්දුවෙන් නරඹන ලදී.

    උදාවන නිවාඩු සමය සමඟ සංචාරකයින් වැඩි පිරිසක් ගුවන් සංචාර ආරම්භ කර ඇති බැවින් දැඩි සෞඛ්‍ය සහ ආරක්‍ෂිත මාර්ගෝපදේශ යටතේ ගුවන් තොටුපළ ඉතා කාර්යය බහුල ස්වරූපයක් ගෙන තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවයේ විවිධ අංශවලට අනුයුක්ත කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙම කැරොල් ගීත  ගායනා කරමින් සංචාරකයින් සමග නත්තල් ප්‍රීතිය බෙදා ගැනීමට එකතු වූයේ එම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේ ද පිළිබඳව අවධානය යොමු කරමිනි.

    කැරොල් ගීත ගායන කණ්ඩායම

    ශ්‍රීලංකන් ගායක කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගමෙහි කාර්ය මණ්ඩල සාමාජිකයින් ද කැරොල් ගීත ගායනය සඳහා  සහභාගී වූහ. මෙම කැරොල් ගීත ගායනා වැඩසටහන සඳහා  ශ්‍රී ලංකාවේ සංගීත පුරාවෘත්තයක් වන De Lanarolle Brothers සහභාගී වූ අතර ඔවුන් ශ්‍රීලංකන් ගායක කණ්ඩායම සමඟින් එක්ව සංචාරකයින් අමානන්දයට පත්කරන ලදී.

    යුරෝපය, මැදපෙරදිග, ඉන්දීය උප මහද්වීපය, අග්නිදිග ආසියාව, ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව ආවරණය වන පරිදි පුළුල් ගෝලීය මාර්ග ජාලයකට දිවයින සම්බන්ධ කරන ශ්‍රීලංකන් ගුවන් සමාගම, ලොව පුරා සිටින සංචාරකයින් දීප්තිමත් දූපත් නිවහන වන ශ්‍රී ලංකාව වෙත ඔවුන්ව ආදරයෙන් පිළිගැනීමට අපේක්ෂා කරයි.  ගුවන් ගමන ආරම්භයේ  සිටම තෘප්තිමත් සහ අමතක නොවන සංචාරක අත්දැකීමක් ගුවන් සේවය සංචාරකයින්ට ලබාදෙයි.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අනුව, පසුගිය මාසයේ දී (නොවැම්බර් 2021) වසංගතයෙන් පසු ඉහළම සංචාරක පැමිණීමේ වර්ධනයක් සනිටුහන් වී තිබේ. ලොව පුරා එන්නත් කිරීමේ වැඩසටහන, සම්පුර්ණයෙන්ම එන්නත් කරන ලද සංචාරකයින් සඳහා සංචාරක ලිහිල් රෙගුලාසි සහ ඩිජිටල්කරණය කළ සංචාරක විධිවිධාන සමඟින් ජාත්‍යන්තර සංචාරවල වැඩිවීමක් මේ වන විට ඇති වී තිබේ.

    De Lanarolle brothers සමගින් ගායක කණ්ඩායම
    කැරොල් ගීත රසවිඳින සංචාරකයින්
    තරුණ සංචාරකයින්ට ඉඟුරු-පාන් කුකීස් සංග්‍රහයක් පිරිනැමීම
    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.