Home COVID කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොවිඩ් පාලනයෙන් ඉවතට

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොවිඩ් පාලනයෙන් ඉවතට

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොවිඩ් පාලනයෙන් ඉවතට

කොවිඩ් වසංගතය පාලනයට අදාළව රාජගිරියේ මෙතෙක් ක්‍රියාත්මක වූ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය (NOCPCO) කොවිඩ් වසංගතයට අදාළ සියලු වැළැක්වීමේ, පාලනය, නිරෝධායන සහ සියලු සම්බන්ධීකරණ කටයුතු නවතා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මින් ඉදිරියට එම මධ්‍යස්ථානය හරිත කෘෂිකර්ම මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළේය.

කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, 2020 මාර්තු 16 වන දින විවෘත කර වසර 1 යි මාස නවයකට ආසන්න කාලයක් සම්පූර්ණ විය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මින් ඉදිරියට හරිත කෘෂිකර්මාන්තයට අදාළ මෙහෙයුම් කටයුතු ද යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here