fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුවන්තොටුපලේ ශ්‍රීලංකන් Serenediva විවේකාගාරය නව මුහුණුවරකින්

    ගුවන්තොටුපලේ ශ්‍රීලංකන් Serenediva විවේකාගාරය නව මුහුණුවරකින්

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ Serenediva විවේකාගාරය පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී නැවත විවෘත කරන ලදී.

    මාස 11ක කාලයක් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා තිබූ මෙම විවේකාගාරය සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත වේ.

    එමගින් මගීන්ට ඔවුන්ගේ මීළඟ ගුවන් ගමන තෙක් බලා සිටින අතරතුර සුව පහසු විවේකයක් ලබා ගැනීම සඳහා ඉඩකඩ ලබාදේ. පවතින වසංගතය සැලකිල්ලට ගනිමින් ඉහළම සෞඛ්‍ය සහ ආරක්‍ෂිත ප්‍රමිතීන් පවත්වාගෙන යන ආරක්ෂිත පරිසරයක් ද මෙහි පැවතීම විශේෂත්වයක්.

    දැකුම් කලු දුඹුරු වර්ණයෙන් නිමවා ඇති නවීකරණය කරන ලද විවේකාගාරයේ අභ්‍යන්තරය, හරිත වර්ණයෙන් සහ ශ්‍රී ලංකාවේ ඓතිහාසික සන්ධිස්ථාන බිතුසිතුවම් වලින් හැඩගන්වා තිබේ.

    මගීන්ට විවේකීව සිටීමට උපකාර කිරීම සඳහා සන්සුන් වාතාවරණයක් එහි ලබා දෙයි. Serenediva විවේකාගාරයෙහි පාරිභෝගිකයින් පනහකට පමණ නවාතැන් ගත හැකි අතර, ඔවුන්ට සම්පූර්ණ සේවාවක් භුක්ති විඳිය හැකි වේ.

    ශ්‍රීලංකන් කේටරින් අංශය විසින් විවේකාගාරය සඳහා නැවුම් ලෙස සකස් කරන ලද ප්‍රණීත ආහාරපාන බුෆේ ක්‍රමයට ලබාදෙන අතර බීම වර්ග සහ බාර් සේවාව ද මගීන්ට තෝරා ගත හැකිය. විවේකාගාරය තුළ නොමිලේ සියලුම අන්තර්ජාල සේවාවන් සහ Wi-Fi සේවාවද ලබාගත හැකි වේ.

    Serenediva විවේකාගාර සේවාව Economy පංතියේ පියාසර කරන FlySmiLes Platinum, FlySmiLes Gold, oneworld Emerald සහ oneworld Sapphire සාමාජිකයින්ට ද ලබාගත හැකිවේ.

    සංචාරක සීමාවන් ලිහිල් කිරීමත් සමඟ පසුගිය මාස කිහිපය තුළ ජාත්‍යන්තර සංචාර යථා තත්ත්වයට පත් වීමේ ලකුණු පෙන්නුම් කරන බැවින් BIA හරහා ගමන් කරන මගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වී තිබේ.

    එබැවින්, මෙම ශීත සෘතුවේ අපේක්ෂිත සංචාරක පැමිණීමත් සමඟ විවේකාගාර පහසුකම් සඳහා වැඩි ඉල්ලුමක් අපේක්ෂා කළ හැකිය.

    විදේශ සංචාරවල ‘නව සම්මතය’ බවට පත්ව ඇති COVID-19 ආරක්ෂණ සීමාවන් තුළ ජාත්‍යන්තර සංචාරකයින්ට වැඩි සේවාවක් ලබා දීම සඳහා මෙම විවේකාගාරය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

    ශීත ඍතුවේ දී විවෘත කරන ලද Serenediva විවේකාගාරය මගින් කොළඹ හරහා ගමන් කිරීමට වෙන් කර ඇති ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සහ වන්වර්ල්ඩ් පාරිභෝගිකයින්ට විවේකී සහ ආරක්‍ෂිත පහසුකමක් සලසා දෙයි.

    සමාරම්භක උත්සවයේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ , ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ (AASL) සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඒ චන්ද්‍රසිරි , AASL හි උප සභාපති රජීව සූරියආරච්චි සහ AASL හි ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුම්නානසේකර යන මහත්වරුන් එක්ව පීත්ත පටිය කපන අයුරු.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.