මුල් පිටුව උණුසුම් පුවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්ට එරෙහි පරීක්ෂණ පුළුල් වේ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්ට එරෙහි පරීක්ෂණ පුළුල් වේ

0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා විසින් මහ මගදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවූ වීඩියෝව සහ තමාට පහරදී කිරිඇල්ල පොලිස් ස්ථානයට රැගෙනගොස් නිරුවත්කර හිංසනය කළ බවට එම පුද්ගලයා විසින් නීතී සමාගමක් මගින් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

කිරිඇල්ලට ගොස් මේ වන විටත් ඇසින් දුටු සාක්ෂි සහ පර්යේෂණාත්මක සාක්ෂි රැසක්ම විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් රැස්කරගෙන ඇත.

රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයා බීමතින් සිටි බවට චෝදනාවක් රන්මල් කොඩිතුවක්කු මහතාගේ පාර්ශවයෙන් එල්ලවූවත් මූලික විමර්ශනවලින් පැහැදිලිවී ඇත්තේ එම පුද්ගලයා බීමතින් සිට නැති බවය.

එහෙත් එම පහරදීම බදුවන අවස්ථාවේදී රන්මල් කොඩිතුවක්කු මහතා බීමතින් සිටි බවට චෝදනාවක් පහරකෑමට ලක්වුණු පුද්ගලයාගෙන් මෙන්ම එම පහරදීම ඇසින් දුටු පුද්ගලයින්ගෙන් එල්ලවන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය. ඒ සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුකර ඇති බවද එම නිලධාරියා කීය.

රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් පැහැරකෑ පුද්ගලයා බීමතින් සිටි බව සනාථ කිරීමට කිරිඇල්ල පොලීසියේදී බීමත් රියදුරන් සම්බන්ධයෙන් කෙරන පරීක්ෂණයක්ද පවත්වා තිබේ. එම පරීක්ෂණයට අනුව ඔහු බීමත් බව සනාතවී තිබේ. එම පරීක්ෂණය සිදුවූයේ කෙසේද? සැබෑ ලෙසම එම පරීක්ෂණ කට්ටලවලට ස්වසනය ඇතුළු කළේ අදාල පුද්ගලයාමද නැතිනම් වෙනත් බීමත් පුද්ගලයෙක්ද ආදී කරුණු සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කෙරෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version