තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජනපති අගමැති ප්‍රධානත්වයෙන් පැවැති 54 වැනි ඩී.ඒ රාජපක්ෂ ගුණසමරුව

    ජනපති අගමැති ප්‍රධානත්වයෙන් පැවැති 54 වැනි ඩී.ඒ රාජපක්ෂ ගුණසමරුව

    දිවංගත ඩී.ඒ රාජපක්ෂ මහතාගේ 54වැනි ගුණ සමරු උත්සවය තංගල්ල මහවෙල මාර්ගයේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ‌ ප්‍රධානත්වයෙන් අද (07) දින පෙරවරුවේ දී පැවැත්විණි.

    පුවක්දණ්ඩාව බාලිකා විද්‍යාලයේ සිසුවියෝ ඩී.ඒ රාජපක්ෂ ගුණ සමරු ගීතය ගායනා කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන්වන නාමල් රාජපක්ෂ, එස්.එම් චන්ද්‍රසේන,රාජ්‍ය අමාත්‍යවරුන්වන ශෙහාන් සේමසිංහ, ඩී.වි චානක,ජානක වක්කුඹුර,තේනුක විදානගමගේ,දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් පළමුව ඩී.ඒ රාජපක්ෂ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.

    ඩී.ඒ රාජපක්ෂ ගුණ සමරු කමිටුව වෙනුවෙන් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කපිල දිසානායක සහ ප්‍රධාන නියෝජ්‍ය ලේකම් උපුල් දිසානායක මහත්වරු සහ දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා දී ඩී.ඒ රාජපක්ෂ මහතාගේ පිළිරුවට කුරහන් මල් මාලාවක් පළදා ගෞරව දැක්වූහ.

    තංගල්ල වගේගොඩ පුරාණ වජිරගිරිය විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මිරිස්සේ ධම්මවංශ හිමි මෙහි දී පැවිදි අනුශාසනාව පැවැත්වූහ.

    රුහුණු මාගම් පත්තුව ඇතුළු ගිරුවාගම් දොළොස් දහස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක කසාගල රජමහා විහාරාධිපති තලම්පෝරුවේ ඉන්ද්‍රසිරි සුමන නාහිමි, තංගල්ල පොළොම්මාරුව වනවාස කුඩා විහාරයේ විහාරාධිකාරී ධම්මදින්න මහපිරිවෙනේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී මණ්ඩාඩුවේ ධීරානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.

    මේ අතර වීරකැටිය මැද මුලන පිහිටි ඩී.ඒ රාජපක්ෂ මහතාගේ සහ එම මැතිනිය දෝන දන්දිනා සමරසිංහ දිසානායකගේ ස්මාරක වෙත ඊයේ (06) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ එම මැතිනිවරු පහන් දල්වා දෙමාපිය ගුණ සිහිපත් කළහ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img