Home උණුසුම් පුවත් රන්මල් සබරගමුවෙන් විසිවේ

රන්මල් සබරගමුවෙන් විසිවේ

0
රන්මල් සබරගමුවෙන් විසිවේ

සබරගමුව පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් සුබසාධන හා වෛද්‍ය අංශයේ ප්‍රධානියා ලෙසට ස්ථාන මාරුවීමක් ලබාදී තිබේ.

ඒ ඔහු ඊයේ රත්නපුර කිරිඇල්ල මාර්ගයේදී පුද්ගලයෙකුට පහරදෙමින් පොලීසියට අපකීර්තියක් ඇතිවන ආකාරයෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

එම ස්ථාන මාරුවත් සමග පුරප්පාඩුවන සබරගමුව පළාත්භාර පොලිස් ප්‍රධානී තනතුරේ වැඩ ආවරණය කිරීමට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා පත්කර තිබේ.

ශ්‍රී ලංකා පොලිස් සේවයේ දැනට සේවයේ නිරතව සිටින නිලධාරීන් අතරින් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නේ මහින්ද ගුණරත්න මහතාය. ඔහුගේ බිරිද ද නියෝජ්‍ය පොලිස්පතිනියක් වන අතර මහින්ද ගුණරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස්කරන ලෙසට පොලිස්පතිවරයාගේ නිර්දේශයක් ඉකුත් සතියේ මහජන ආරක්ෂක ලේකම්වරයා වෙත යොමුකරද තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here