Home දේශීය පුවත් පාලනයකින් තොරව සීනි මිල යලි ඉහළට

පාලනයකින් තොරව සීනි මිල යලි ඉහළට

0
පාලනයකින් තොරව සීනි මිල යලි ඉහළට

සිල්ලර වෙළද පොළේ මේ වන විට සීනි කිලෝවක මිල රුපියල් 160 ත් 170 අතර මිලකට ඉහළ ගොස් ඇතැයි වෙළද පොළ තොරතුරු සදහන් කරයි.

පාලන මිල ඉක්මවා සීනි මිල මෙසේ ඉහළ ගොස් ඇති බැවින් තොග වෙළෙන්දෝ මේ ත්ත්වය මත සිය විශ්වාසවන්තම ගණුදෙනුකරුවන්ට පමණක් සීනි නිකුත් කරන බව සදහන්ය.

සීනි තොග මිලද මේ වන විට රුපියල් 145 ත් 155 අතර ඉහළ ගොස් ඇතිබව සිල්ලර වෙළෙන්දෝ සදහන් කරති.

සතොස මගින් පාලන මිලට සීනි නිකුත්කරන බව සදහන් කළද සතොසින් සීනි මිලදී ගැනීමට යන බොහෝ අවස්ථාවල සීනි විකිණී ඇති බව සදහන් කරන්නේ යැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.

සතොස තුළ දුඹුරු සීනි හිගයකින් තොරව පවතින බවද ඔවුහු පවසති. සුපිරි වෙළද සැල්වල සුදු සීනී අලෙවි වන්නේ පාලන මිලටය. එහෙත් සුපිරි වෙළද සැල්වලද මේ වන විට සීනි හිගයක් ඇතිව තිබෙන බැවින්
බොහෝ තැන්වල සීනි නිකුත් කරනුයේ යම් වටිනාකමකට භාණ්ඩ මිලදී ගැනීමකදී සීනි කිලෝවක් හෝ දෙකක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here