තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අදානි අද ජනපති හමුවෙයි

    අදානි අද ජනපති හමුවෙයි

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය පර්යන්ත ව්‍යාපෘතියක් වන බටහිර පර්‍යන්තය සංවර්ධනය කිරීමට තෝරා ගත් අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව ‘ද හින්දු’ පුවත් සේවය පවසයි.

    “එය පෞද්ගලික සංචාරයක් වන අතර බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කිරීම සඳහා අදානි මහතා ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වේ” යනුවෙන් උසස් නිලධාරියෙක් හින්දු පුවත්පතට පවසා තිබේ.

    මේ පිළිබඳ හෙළි කළ මූලාශ්‍රය විසින් නිර්නාමික භාවය ඉල්ලා සිටි බව පවසන හින්දු පුවත් වාර්තා කළේ “ඉහළ පෙළේ ශ්‍රී ලාංකීය සම්භාවනීය අමුත්තන්” සමඟ රැස්වීම් ඇතුළත් බව කියන ඉහළ පෙළේ සංචාර පිළිබඳ එම මූලාශ්‍ර විසින් තහවුරු කළ බවය.

    අදානිගේ ශ්‍රී ලංකා සංචාරය මෙලෙස සිදුවන්නේ අදානි ව්‍යාපාරය මෙරට හවුල්කාර පාර්ශ්වය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) සමඟ එක්ව වරාය ගිවිසුම අත්සන් කර මාසයකටත් අඩු කාලයකදී ය.

    කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය (ඩබ්ලිව්සීටී) ඒකාබද්ධව සංවර්ධනය කිරීමට එහිදී ගිවිසුම් ගත විය.

    සංවර්ධනය පිළිබඳව වාර්තා පළ කළ ඉන්දියාවේ මූලාශ්‍රවලට අනුව, අදානි මහතා ශ්‍රී ලංකාවේ “වරාය, බලශක්තිය සහ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ ව්‍යාපෘති ගැන උනන්දු වෙයි”.

    අදානි මහතා, අද ජනාධිපති රාජපක්ෂ හමුවූ විට මෙම ක්ෂේත්‍රවල කළ හැකි ව්‍යාපෘති පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරනු ඇති බව එම පුවත් වාර්තා කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img