Home උණුසුම් පුවත් පාසල් 7000ක ප්‍රාථමික අංශ හෙට සිට ඇරේ

පාසල් 7000ක ප්‍රාථමික අංශ හෙට සිට ඇරේ

පාසල් 7000ක ප්‍රාථමික අංශ හෙට සිට ඇරේ

රටපුරා ප්‍රාථමික අංශ සහිත පාසල් 7000ක් හෙට විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව රටපුරා රට පුරා පිහිටි සියලුම පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා වන ප්‍රාථමික අංශය හෙට සිට සාමාන්‍ය පරිදි විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

පාසල් විවෘත කිරීමට පෙර ඉකුත් දින කිහිපය පුරා පාසල් පිරිසිදු කිරීම ඩෙංගු මර්දන වැඩසටහන් පැවැත්වීම සහ ගුරුවරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදීම ආදිය සිදු කළ බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

ඒ අනුව දෙමවුපියන් තමන්ගේ දරුවන් හෙට සිට සාමාන්‍ය පරිදි පාසලවලට එවන ලෙස ඉල්ලා සිටින බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here