තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොවිඩ් ආසාදිතයින් 25,000 තට වැඩි පිරිසක් තවමත ් රෝහල්වල

    කොවිඩ් ආසාදිතයින් 25,000 තට වැඩි පිරිසක් තවමත ් රෝහල්වල

    කොවිඩ් ආසාදිත මරණ 18 ක් ඊයේ දින සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද තහවුරු කළේය.

    එම මරණ ගණනත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,525 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්කරනු ලැබුවේ කොවිඩ් ආසාදිත වූවන් 461 දෙනෙක් අද දින හදුනා ගනු ලැබූ බවය.

    වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරන්නේ අද පෙරවරු 10.00 වන විට තහවුරු කල මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් ගණන 532218 ක් බවය. එම කොවිඩ් රොගීන්ගෙන් 493314 දෙනෙක් සුවපත් වී ඇති අතර තවදුරටත් රෝහල්ගතව සිටින සහ නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත රෝගීන් ගණන 25397 දෙනෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img