Home special මෝදිගෙ කුෂිනගර් ජාත්‍යන්තරයට ගෙනයන්න ශ්‍රීලන්කන් සැරසෙයි

මෝදිගෙ කුෂිනගර් ජාත්‍යන්තරයට ගෙනයන්න ශ්‍රීලන්කන් සැරසෙයි

0
මෝදිගෙ කුෂිනගර් ජාත්‍යන්තරයට ගෙනයන්න ශ්‍රීලන්කන් සැරසෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් එරට 29 වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කෙරෙන ලබන 20 වෙනිදා එම ගුවන්තොටුපොලට ගොඩබස්සව ප්‍රථම ගුවන් යානය වන්නේ ශ්‍රී ලංකාවේ සිට පිටත්ව යන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකි.

මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට සිට ශ්‍රී ලංකන් ගුවන්යානයෙන් ගමන් ගන්නේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහ සියක් නමක් මහ සංඝරත්නය බව සදහන්ය.

මෙහිදී කුෂිනගර් ගුවන්තොටුපොලේ ප්‍රදර්ශනය සදහා සුවිශේෂී ඡායාරූප දෙකක්ද මෙරටින් පරිත්‍යාග කිරීමට නියමිතයතය. ඒ බුදු රජානන් වහන්සේගේ තෙවන ලංකා ගමනය සිදුවූ කැලණි විහාරයේ ප්‍රකට චිත්‍ර ශිල්පී සෝලියස් මෙන්දිස් මහතා විසින් සිතුවම්කර ඇති මහින්දා ගමනය සහ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මහා රහතන් වහන්සේගේ මෙරට ගමනය දැක්වෙන සිතුවම්වල පිටපත් දෙකකි.

කුෂිනගර් යනු ඓතිහාසික කුසිනාරාම නුවරයි. ලොවපුරා බෞද්ධ ජනතාව විශාල වශයෙන් කුසිනාරාමය වැදපුදා ගැනීමට පැමිණෙන අතර මෙතෙක් ඔවුන් පැමිණියේ වරනාසි ගුවන්තොටුපොල හරහාය. වරනාසි සිට කුෂිනගර් වෙත කිලෝ මීටර් 234 ක් ගමන් කිරීමට සිදුවනු ඇත. කුෂිනගර් ගුවන්තොටුපොල විවෘත වීමත් සමග කුසිනාරාම නුවර දැක බලාගෙන වන්දනාමාන කිරීමට ඉන්දියාවට පැමිණෙන ලොවපුරා බෞද්ධ ජනතාවට මහත් පහසුවක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here