තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලක්ෂ එකහාමාරක කොන්ත්‍රාත්තුවකට ග්‍රාමසේවක මැරූ ස්ටේෂන් මාස්ටර් කොටුවේ

    ලක්ෂ එකහාමාරක කොන්ත්‍රාත්තුවකට ග්‍රාමසේවක මැරූ ස්ටේෂන් මාස්ටර් කොටුවේ

    අඹන්පොළ ග්‍රාමනිලධාරී කේ.පී. සපුකුමාර මහතාගේ ඝාතනයට සැකපිට ගල්ගමුව දුම්රිය ස්ථානාධිපතිවරයාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    රුපියල් ලක්ෂ එකහාමාරක කොන්ත්‍රාත්තුවක් ලබාදෙමින් ග්‍රාමනිලධාරීව ඝාතනයකර ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරයා බව පොලීස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    ගල්ගමුවෙන් විවහයක් කරගෙන සිටින හික්කඩුවේ පදිංචි පුද්ගලයෙකුට එම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවත් ඒ අනුව එම පුද්ගලයා මිතුරන් දෙදෙනෙක් සමග එක්ව ඊයේ පෙරවරුවේදී ග්‍රාම නිලධාරියාට පහරදී කපා කොටා ඝාතනය කර ඇති බවත් පොලීසිය සදහන් කරයි.

    සැකකාර දුම්රිය ස්ථානාධිපතිවරයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සදහන් කර ඇත්තේ තමා භුක්ති විදින රජයේ ඉඩමක බලහත්කාරයෙන් රැදී සිටින වෙනත් පුද්ගලයෙකුට එය ලබාදීමට ග්‍රාමසේවක පියවර ගනිමින් සිටින බැවින් ඔහුව බිය ගැන්වීම පහරදීමක් සිදු කලත් ඔහුව මරා දැමීමේ උවමනාවක් නොතිබුණු බවය.

    ග්‍රාම නිලධාරියාගේ ඝාතකයින් වෑන් රථයකින් ගොස් එම පහරදීම කර ඇති බවත් වෑන් රථයද ගල්ගමුව පොලීසිය සොයාගෙන ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    මෙම ඝාතනයට සම්බන්ධ හික්කඩුවේ පදිංචි පුද්ගලයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනා මේ වන විට සැගවී සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

    සැකකාර දුම්රිය ස්ථානාධිපතිවරයා ගල්ගමුව අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img