Home උණුසුම් පුවත් ඩ්‍රයිවින් ලයිසන් ගැන ගැසට්ටුවක්

ඩ්‍රයිවින් ලයිසන් ගැන ගැසට්ටුවක්

0
ඩ්‍රයිවින් ලයිසන් ගැන ගැසට්ටුවක්

කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය විසින් නිකුත්කර තිබේ.

ඒ අනුව ඉකුත් අප්‍රේල් 01 වෙනිදා සිට සැත්තැැම්බර් 30 දක්වා කාල සීමාව තුළ කල්ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය කල් ඉකුත්වන දිනයේ සිට වසරක් දක්වා වලංගු කාලය දීර්ඝ කර ඇත.

එසේම ඔක්තෝම්බර් 01 වෙනිදා සිට ලබන වසරේ මාර්තු 31 දක්වා කාල සීමාව තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලයද කල්ඉකුත් වීමේ දින සිට මාස 06 ක් දක්වා දීර්ඝ කර තිබේ.

මෙම අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (29) නිකුත් කර ඇත්තේ ඊට පෙර රියදුරු බලපත්‍ර වල වලංගු කාලය සම්බන්ධයෙන් මේ ආකාරයට නිකුත් කළ සියළුම ගැසට් නියෝගද අවලංගුද කරමිනි.

කොවිඩ් වසංගත තත්වය හමුවේ රියදුරු බලපත්‍ර අලුත් කිිරීමේදී ඇතිවුණු ගැටළු මුල්කරගෙන මෙම පියවර ගත් බව ප්‍රවාහන අමාත්‍යාංශ තොරතුරු සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here