Home උණුසුම් පුවත් සියලු පත්තරවල කතුවරු සීඅයිඩියට කැඳවති – ඩලස් හෙළාදකී

සියලු පත්තරවල කතුවරු සීඅයිඩියට කැඳවති – ඩලස් හෙළාදකී

0
සියලු පත්තරවල කතුවරු සීඅයිඩියට කැඳවති – ඩලස් හෙළාදකී

සුදුලූණු වංචාව සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළකළ මෙරට ජාතික පුවත්පත් සියල්ලේම කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

මෙලෙස සියලුම පුවත්පත් කතුවරුන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණයට කැඳවූ පළමු අවස්ථාව මෙය බවද වාර්තා වේ.

එම කැඳවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය කනගාටුව පළ කර මෙම සිදුවීම හෙළා දැක ඇති අතර පොලිස්පතිවරයාට ද ඒ පිළිබඳව දෝෂදර්ශනයට ලක්කර ඇතැයි වාර්තා වේ.

සතොස සුදුළුණු වංචාව සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කරන ලද පැමිණිල්ලකට අදාළව ඔහු ගෙන් පැය 4ක 5ක පමණ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ගෙන තිබුණි.

වෙළඳ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයේ දී ඔහු වැඩිදුරටත් පුවත්පත්වල මෙම වංචාව සම්බන්ධයෙන් පළවූ පුවත් පිළිබඳ පවසා ඇත.

ඒ අනුව පුවත්පත් කර්තෘවරුන් සහ එම පුවත් ලියන ලද මාධ්‍යවේදීන් මෙලෙස අද කැඳවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here