Home තෙවැනි ඇස නොනිමි මෙහෙවර

නොනිමි මෙහෙවර

නොනිමි මෙහෙවර

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ලොව රටවල් සීමිත සංඛ්‍යාවක් සපුරාගෙන ඇති තරමේ ඉලක්ක පවා අභිබවා සාර්ථක වෙමින් තිබේ. මෙම මෙහෙවරට නායකත්වය දෙන රටේ ඉහළම පුද්ගලයාගේ සිට බිම් මට්ටමේ සේවකයා දක්වා එම අභියෝගය මෙතෙක් සාර්ථක කරගෙන ඇත්තේ පහසුවෙන් නම් නොවේ. කන්දේ, ලන්දේ, නියරේ, ඒදණ්ඩ‍ේ පවා යමින්, එන්නත්කරණයට මධ්‍යස්ථානයට ඒමට අපහසු වැඩිහිටියන්, ආබාධිත, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සොයායන, මේ පොලීතීන් ඇඳුම ඇතුළත සිටින්නේ දහදියෙන් තෙතබරිතව හරිහැටි හුස්මක් වත් ගන්නට නොහැකිව තම මෙහෙවර ඉටුකිරීමට යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, හෙද, පවුල් සෞඛ්‍ය සේවිකා, හමුදා සහ ග්‍රා‍ම සේවා නිලධාරීන් ය.

කොවිඩ් වසංගතයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් ගලවා ගත් හැම ජීවිතයකම හුස්ම පොද මෙම සුවවිරුවන්ගේ අප්‍රතිහත ධෛර්යට ආශිර්වාදයක්ම වන්නේ ය.

ඡායාරූප – ලෝක සෞඛ්‍ය සංවිධානය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here