තවත්
    මුල් පිටුවspecialමාලිංගගෙ ස්කූල් කැප්ටන් මාලිංග ගැන කියපු කතාව

    මාලිංගගෙ ස්කූල් කැප්ටන් මාලිංග ගැන කියපු කතාව

    යෝකර් රජු ලෙස විරුදාවලිය ලබමින් ලෝක ක්‍රිකට් වංශ කතාව උඩු යටිකුරු කළ ලසිත් මාලිංග ඊයේ (14) දිනයේ ක්‍රිකට් පිටියට සමුදුන්නේය.

    මෙයට පෙර ටෙස්ට් සහ එක්දින තරගවලින් සමුගැනීම ප්‍රකාශ කර තිබූ ලසිත් මාලිංග, ඊයේ දිනයේ තමන් විස්සයි විස්ස තරගවලට ද සමුදෙන බව නිවේදනය කළේය.

    ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට බිහි වූ අති දක්ශයකුවන ලසිත් මාලිංග, රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව සිය පාසල් සමයේ මහා ක්‍රිකට් තරග තුනකට සහභාගි වී ඇත.

    ගීතාංග ලියනගේ, චතුර අතුකෝරළගේ සහ තරිඳු රන්දිම ගේ නායකත්වය යටතේ එදා මහින්ද පිළේ වේග පන්දුවට පණ දුන් ලසිත් මාලිංග නැමැති සිය කණ්ඩායම් සඟයා, මිතුරා ගැන ඊයේ දිනයේ මහින්ද නායක තරිඳු රන්දිම තැබූ සමාජ මාධ්‍ය සටහනක් පහතින් දැක්වේ.

    පොඩිකාලේ උබ practice වලදී අලුත් බෝලේ අතට ගත්තහම උදේ පාන්දරම බිල්ලට යන්නේ මමයි සුමනෙයි. නැත්නම් මමයි රොශානුයි. Matting wicket එකේ කැඩිච්ච හෙල්මට් එකක් පටි කෑල්ලකින් ගැට ගහගෙන…

    උඹ දුවන් එනකොට යකා වගේ සුමනෙට/ රොශාන්ට කෙසේ වෙතත් මට නම් මර බය ආපුදවස් අනන්තයි. ඒ වගේමයි එක session එකකට හැමදාම ගෙදර ගිහින් අයිස් තියන්න බෝල පාරක් වදිනවම තමයි.

    හැබැයි උබ අපිව විතරක් බය කරලා නැවතුනේ නෑ. උඹට ලෝකයක් බය කරන්න ශක්තිය, කැපවීම තිබුණා. හැමදාම උබ පරාජයන්ට අභියෝග කරා. මට මතකයි ඉස්සර උබ කියපු කතාවක්..

    ” බලපන් මම තමන්ගේ පළාතේ ටීම් එකට ගහන්නැතුව රටට ගහන පළවෙනි එකා වෙනවා” කියලා..

    ඒ උඹ provincial selection වලින් කැපිච්ච දවසක. මටයි සුමනෙටයි වචන නැති උනා අපි දෙන්නා select වෙලා උඹ හැලුනාම.

    හැබැයි උඹ නැවතුනේ උඹේ target එකට ගිහිල්ලා. අද උඹ අවුරුදු 17කට පස්සේ international cricket වලින් retire වෙනකොට උඹේ නම brand එකක් වෙලා.

    ඉතින් මාලි ,උඹට මුලු ලෝකෙම ප්‍රේක්ෂකයන් එක්ක එකතුවෙලා මමත් හදවතින්ම සුබ පතනවා ඉදිරි ජීවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. උඹට තෙරුවන් සරණයි !

    Happy retirement buddy and thanks for the entertainment !

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img