Home උණුසුම් පුවත් දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන්ගේ සහන නොදුන්නාට ලේකම් සහ පොලිස්පති කැඳවයි

දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන්ගේ සහන නොදුන්නාට ලේකම් සහ පොලිස්පති කැඳවයි

0
දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන්ගේ සහන නොදුන්නාට ලේකම් සහ පොලිස්පති කැඳවයි

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පොලීසියේ නිලධාරීන්ට සහන ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයට අනුව එම සහන ලබාදීම දිනෙන් දින ප්‍රමාද වන්නේ සහන ලබාදිය යුතුයැයි නිර්දේශිත පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඉල්ලා සිටින ලිපි ගොනු නිසි ලෙස මෙතෙක් රාජ්‍ය සේවා කොමිසමට නොලැබීම නිසා බව ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඇතැම් ලිපි ගොනු ලබාදීමේ හැකියාවක් නොමැති බව පොලිස්පතිවරයා ලිඛිතව දැනුම් දී ඇති බවද සදහන්ය.

මේ තත්ත්වය මත රාජ්‍ය සේවා කොමිසම විසින් ඒ ගැන කරුණු විමසීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට රාජ්‍ය සේවා කොමිසම ලිඛිතව ඉකුත් 10 වෙනිදා දැනුම් දී ඇත්තේ පොලිස්පතිවරයා සමග ලබන 15 වෙනිදා පෙරවරු 10.00 වන විට රාජ්‍ය සේවා කොමිසන් සභා කාර්යාලයට පැමිණෙන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here