Home උණුසුම් පුවත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පළමුව පන්දුවට පහරදීම තෝරාගනී

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පළමුව පන්දුවට පහරදීම තෝරාගනී

0
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පළමුව පන්දුවට  පහරදීම තෝරාගනී

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීන්දු කළේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට ටෙම්බා බවුමා (නායක) ඒඩින් මාක්‍රම්,ජෙනමන් මැලන්, රාසි වැන්ඩර් ඩසන්, කයිල් වැරින්,හෙන්රිච් ක්ලාසෙන්, ඇන්ඩිල් පෙලුක්වායෝ, කේෂව් මහරාජ්, කගිසෝ රබාඩා, ඇන්රික් නොයෝ සහ තබ්‍රේස් ශම්මි ඇතුළත්ය.

ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඇතුළත් කර ඇත්තැයි කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ නායක දසුන් ශානකගෙන් විමසා සිටි අතර, මෙම තරගයට චන්දිමාල් ඇතුළත් නොවන බව දසුන් ශානක පැවසුවේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට දසුන් ශානක (නායක), අවිශ්ක ප්‍රනාන්දු, මිනෝද් භානුක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, වනිදු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රම ඇතුළත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here